Tuesday, May 27, 2014

33000.lk වාරණය රජය අත හරී.

                                                                          දිගින් දිගටම රජය හා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමේ බාධාවන් ට ලක් වෙමින් පවත්වාගෙන ගිය ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන 33000.lk පසුගිය මාර්තු මස සිට නවතා දැමීමට එහි හිමිකරුවන් ක්‍රියා කර තිබුනා.
                                              එයට හේතුව වූයේ ඔවුන් විසින් ලබා ගත් සියලු ඩොමේන් නාමයන් මෙරට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ වාරණයට ලක් වීමයි.
                                            කෙසේ වුවත් කාලයාගේ ඇවෑමෙන් එම වාරණය මේ වන විට ඉවත් කර තිබෙනවා. ඒ  බවක් අදාල වෙබ් හිමිකරුවන් මේ අවස්ථාව වන තෙක් නොදැන සිටින බවට නිගමනය කළ හැක්කේ වෙබ් අඩවිය යාවත්කාලින කිරීම් කටයුතු තවම අරඹා නොමැති නිසයි.

Thursday, May 22, 2014

බල්ලාට ගිය ගුවන් විදුලි ක්‍රිකට් විකාශන අයිතිය

                                                          
                                                          අප මීට පෙර ලිපියකින් දන්වා සිටියේ ඩයලොග් ටීවී ආයතනය ඉතා නින්දිත අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් විකාශන නීතී රීතී උල්ලංඝනය කරන ආකාරය දෙස මෙරට ක්‍රිකට් පාලක මණ්ඩල නිළධාරින් බකමූණන් මෙන් බලා සිටින බවය.මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනේ.මක් නිසාද යත් මෙරට සෑම ක්ෂේත්‍රයක් පුරාම සිටින්නේ අදාල අසුනට සුදුසුකම් නොමැති බත් බැල්ලන් නිසාය.
                                         තත්වය තවත් බරපතල කරමින් මෙරට ගුවන් විදුලි ක්‍රිකට් විකාශනය දිවයින පුරා ආවරණයක් නොමැති ගුවන් විදුලි නාළිකාවන් අතට  ලබා දීමට කටයුතු කළේ මොළේ ගුද මාර්ගයේ බැහපු මෙම නිළධාරින් ය.මාධ්‍ය ආයතනයක ශක්‍යතාවය, සාර්ථකත්වය,ප්‍රබලත්වය තීරණය වන්නේ ඔවුන් සතු තාක්ශණය,ආවරණ කලාපය මතය.
                                 පහුගිය 2011 ලෝක කුසලාන අයිතිය දෙරණ ගුවන් විදුලියට ලැබුනු අතර ඔවුන් විගසින් රටට ආවරණය කලේය.
                                 2014 විස්සයි විස්ස ලෝක කුසලාන අයිතිය සියත ට ලැබුණු අතර එය කොළඹ හා නුවර ධනපති පන්තියට සීමා විය.පන්දුවෙන් පන්දුව වෙළද දැන්වීම් විස්තර විචාරයක් ගෙන එන්නට සංගීතා වීරරත්නට හා රොශාන්ත කාරියප්පෙරුමගේ සියතට හැකිවිය.
                               ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ අයිතිය කොළඹ දිස්ත්‍රීක්කය වත් ආවරණය කර නැති යූ එෆ්.එම් නාළිකාවට ලබා දී තිබේ.
නාළිකාව වෙනස් වුවද විස්තර ප්‍රචාරය ගෙන එන්නේ පරණ මැන්ටල් බුවාලාගේ සෙට් එකමය.ඔවුන් කයිවාරු ගහන්නේ 1980 දශකයේ ක්‍රිකට් ගැන පමණි.වර්තමාන වාණිජ ක්‍රිකට් ක්‍රීඩාව  ගැන මළපොතේ අකුරක් එක බුවෙක්වත් නොදනී.ක්‍රිකට් විස්තර විචාරයට තරුණ කණ්ඩායමක් සැදිය යුතු කාලය ඇවිත් ඇත.
                              අපගේ අදහසට අනුව නම් කිසියම් හෝ දුරකට සාර්ථක යැයි කිව හැකි ගුවන් විදුලි ක්‍රිකට් විස්තර විචාරයක් ගෙන එන ලද්දේ රුහුණු ගුවන් විදුලිය පමණි.

අමු සිංහලෙන් ම  බළධාරින්ට මේ දේ කියා දිය යුතුය.
යකෝ! තොපි දැනගනියව් තාමත් අපේ රටේ 30%කට රූපවාහිනි නෑ.විශේෂයෙන් ගම්බද පළාත්වල.ඉතින් මී ගොන් හරකුනේ ගමට ඇසෙන රේඩියෝ එකකට දීපල්ලා මේක.මොකද?ටවුන් වල එවුන් රේඩියෝ එකෙන් මැච් අහන් නෑ.

Monday, May 5, 2014

අපිට දැන් වයස අවුරුද්දයි.


                                                                                 කිසිදු වාණිජ අරමුණක් හෝ පෞද්ගලික පළිගැනීමක් ඉලක්ක නොකරගෙන අප විසින් ආරම්භ කරන ලද ඔබගේ ආදරණීය ම බ්ලොග් අඩවියට මේ මස 16 වන දිනට වයස අවුරුද්දක්.ඒ පහුගිය කාලය තුල අපිත් සමග රැදී සිටිය ඔයාලා  ඔක්කොටම මුලින්ම ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නේ.අපිට ඇත්තටම තර්ජන ආවා.මොකද?ලංකාවේ මාධ්‍ය කරන්නේ දැහමි හා පිරිසිදු චරිත නොවන බව ඔක්කොම දන්නවා ඇතිනේ.
                             ඒ නිසා බ්ලොග් අඩවිය යාවත්කාලින කිරීම මාස ගණන් නතර කරපු අවස්ථා ගාණ බොහොමයි.ඒ හැම වෙලාවක ම "ලිපි නැතුව බ්ලොග් එක වේලෙනවා" කියලා අපිව දිරි ගන්වපු උනන්දු කරපු ඔයාලා නිසයි මේ ලියන්නෙත්.මොකද?ඒ කොමෙන්ට්ස් එක නැත්තම් බ්ලොග් එක මේ වෙනකොට  අපි නවත්තලා.
                            ගිය සතියේ අබාන්ස් සමාගමේ ඉහළ නිළධාරියෙක් අප හා සම්බන්ධ වෙන්න ලොකු උත්සාහයක් අරන් තිබ්බා තොරතුරු වගයක් දෙන්න.ඒක නිසා අපි අද ඉදලා ඔබ සතු සියලු තොරතුරු ලබා දෙන්න,අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ඊමේල් ලිපිනයක් ලබා දෙන්න තීරණය කළා.
                                                        ඒ වගේම පහුගිය අවුරුද්ද පුරා කොමෙන්ට්ස් කිරීමට අවස්ථාව ලබා දී තිබුනේ ගූගල් ගිණුම් හිමියන්ට පමණක් වුවත් අද සිට ක්‍රියාත්මක වන පරිදි මේ විශ්වයේ අපව කියවන ඕනැම පුද්ගලයෙකුට තමන්ගේ අදහස ප්‍රතිචාරය දැක්වීමට ඉඩක් ලබා දීමට අප තීරණය කළ බව සතුටින් දැනුම් දෙන්නමු.

Friday, May 2, 2014

"ස්වර්ණවාහිනිය හොර කරනවා"...........අබාන්ස් සමාගමත් ස්වර්ණතුන්පැයෙන් ඉවත් වෙන ලකුණු

                          ස්වර්ණවාහිණි ස්වර්ණතුන්පැය තුල සිදු කෙරෙමින් පැවති වංචාවක් පිළිබද අප මීට පෙර පුවතක් ගෙන එන ලදී.එම පුවත වාර්තා කිරීමත් සමගම එයට සම්බන්ධ ප්‍රධාන මහ මොළකරු වන ධම්මික යටිකිද ස්වර්ණවාහිනි සේවයෙන් පහ කිරීමක් සිදු කල නමුදු නැවත රැකියාව ලබා ගැනීමට ඔහු සමත් කම් දක්වා ඇත්තේ බුද්ධික කුලසේකරට වඩා එදිරිසිංහ පවුලේ ඩබල්ගේම් දන්නේ ධම්මික නිසාය.
                      ධම්මික යටිකිද යළි සේවයේ පිහිටවූ දින සිට ස්වර්ණතුන්පැය අනුග්‍රාහක දායකත්වය සැපයූ ඩේවිඩ් පීරිස් මොටර් සමාගම වහාම තම සමාගම ස්වර්ණ තුන්පැයෙන් ඉවත්වන බව ඊඒපී අලෙවි අංශයට දන්වා ඇත.ඉන් පසුව කරන ලද පරීක්ශනයන්හිදී සනාථ ව ඇත්තේ දිනපතාම යතුරු පැදි ලබා දෙන බව පැවසුවත් මාසයකට දී ඇත්තේ යතුරු පැදි 12-15 අතර ප්‍රමාණයක් බවත් එකම වීඩියෝ පටය කරකවා දින කීපයක් පෙන්වා ස්වර්ණවාහිනිය දිගින් දිගටම යටි මඩි ගසා ඇති බවයි.
                            අලෙවියෙන් පසු සේවය,තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා වුවමනා,සමාගමේ කීර්තිනාමය,සේවකයන්ගේ විනය හා හැසිරීම පිළිබද  ඩේවිඩ් පීරිස් සමාගම තරම් සොයා බලන තවත් පෞද්ගලික ආයතනයක් මෙරට නොමැති තරම්ය.ඔවුන්ගේ පැත්තෙන් ගතහොත් ව්‍යාපාර ඇරඹූ දින සිට ඉතිහාසයේ සිදුවූ විශාලම කීර්තිනාම හානිය සිදු කර ගත්තේ ස්වර්ණවාහිණිය හා දීග කෑමට ගොස්ය.
                            ඩේවිඩ් පීරිස්ගේ ඉවත්වයෑමත් සමග කෙසේ හෝ ස්වර්ණතුන්පැයට හීරෝහොන්ඩා යතුරු පැදි ගෙන්වනු ලබන අබාන්ස් සමාගම සෙට් කරගැනීමට ඊ.ඒ.පී මාකර්ටින් ටීම් එකට හැකි විය.ඩේවිඩ් පීරිස් සමාගමේ හැසිරීම හා පාලනය සමග අබාන්ස් සමාගම සංසන්දය කලහොත් අහසට පොළොව මෙන් දුරය.අබාන්ස්ලාට තම පාරිභෝගිකයන්,කීර්තිනාමය,සේවක විනය එතරම් වැදගත් නැත.කොහොම හරි බඩ්ඩ විකුණාගත්තානම් ඇතිය.
                                     අබාන්ස් සමාගමේ ජේෂ්ඨ කළමණාකරුවෙකු අප වෙත තොරතුරු ලබා දෙමින් පවසා සිටියේ මෙවැනි කතාවකි.
                                  "ඒ වැඩේ හරි යන් නෑ.අපි දැනට බයික් 40ක් විතර දීලා තියෙනවා.හැමදාම කචල්.ගොඩක් තැන්වල  ස්වර්ණවාහිනි බලන්නෙත් නෑ.ගමේ එක ගෙදරකට ගියාම එයාලා ගමටම කෝල් කරලා කියනවා ස්වර්ණවාහිනියෙන් ඇවිත් කියලා.ඊට පස්සේ ගමේම බලන්නේ ස්වර්ණවාහිනි.ගෙදරට ගිහිල්ලා බලන ටෙලිනාට්‍ය මොනාද?කියලා ඇහුවම දන් නෑ.එකකවත් නමක්.අන්තිමට ලොකු අවුල් ජාලයක් වෙනවා එතන.ඒකෙන් වෙන්නේ අපේ පාරිභෝගිකයන්ගෙත් හිත් රිදවලා එන්න.මීට කලින් ඩේවිඩ් පීරිස් ලා හොදට මේ කට්ට කාලා.අපේ කොම්පැනියෙත් උඩ ඉන්න මෝඩයෝ නිකම්ම මේකට අහුවෙලා.ස්වර්ණවාහිනිය කරන්නේ බොරු"

Wednesday, April 30, 2014

නාකී ආත්තම්මලාගේ කන්‍යාභාවය යළි සකසා පොඩි දෑවද්දක් සමග දීග දීමට සැරසෙන ඩයලොග් ටීවී

                                                                   මෙතෙක් කලක් මෙරට පැවති චන්ද්‍රිකා රූපවාහිනි විකාශනයේ ඒකාධිකාරය තුලින් ඩයලොග් සමාගම අහිංසක ශ්‍රී ලාංකිකයාගේ ලේ,මස්,දහඩිය,කදුළු තුලින් උපයාගත් සොච්චම් මුදල ගෙඩි පිටින්ම ගසා කෑ කාලයේ අවසන් අදියරට දැන් අප පැමිණ තිබේ.අප බ්ලොග් අඩවිය ආරම්භ කල මුල් කාලයේදී එනම් පසුගිය වසරේ ජුනි මස පළකල ලිපියකින් ද ඉතා බැගෑපත් ලෙස තවත් චන්ද්‍රිකා රූපවාහිනි සම්පාදකයන් එක් අයෙකුට හෝ ලාංකීය වෙළදපල විවෘත ලෙස රජයෙන් ඉල්ලා සිටි බව ඔබට මතක ඇති බව අප දනිමු.ඒ වසන්ත කාලය දැන් උදාවෙමින් පවතී.දකුණු ආසියාකරයේ ටෙලිවිශන් සැටලයිට් රජු ලෙස කිරුළු පළන් ඩිෂ් ටීවී ආයතනය මෙරට ආයෝජනය කිරීමට සියල්ල සුදානම් ය.දැනට එහි පර්යේශන කටයුතු මාළඹේ ප්‍රදේශයේ සිට මේ වන විට අති සාර්ථකව අත් හදා බලමින් සිටී.
                              
                             හෙළකුල සිරිතට ආයුබෝවන්! කියමින් ඩිෂ් ටීවී අප බ්ලොග් අඩවිය පිළිගැනීමද මේ මොහොතේදීම කරන්නෙමු.එසේ ම ඒ සුභ පැතුම් එක් කළ ඇගිළි තුඩෙන්ම උඹලාගේ වැරදි වලට දුටු තැන පහර දීමට අප සුදානම් බවද?මතක තබා ගත යුතුය.
                                 ඩිෂ් ටීවී හා ඩයලොග් ටීවී අතර වෙනස සරලව ඔබට පැවසුහොත් ඩයලොග් ටීවී චැනල 72ක් සදහා ඔබ මාසිකව රුපියල් 2550ක් ගෙවිය යුතු වේ.එම මුදලට ඩිෂ් ටීවී චැනල් 450ක් ඔබට මාස 3ක් නැරඹිය හැකිය.එමෙන්ම ඔවුන් තම මව් රට වූ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන සෑම ක්‍රිකට් තරගයක්ම කිසිදු මුදලක් අය නොකර නොමිලේ තම සියලු ග්‍රාහකයන් ට නැරඹිමේ අවස්ථාව ලබා දේ.බොහෝ විට මෙරට ව්‍යාපාර ඇරඹූ විට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග නොමිලේ විකාශනය කිරීමේ වැඩි ඉඩක් ඇත.
                        ඩිෂ් ටීවී අත්හදා බැලීමත් සමගම ඩයලොග් ටීවී ආයතනය භූමිතෙල් ගෑවුන ගැරඩියෙකු මෙන් දගලන අයුරු ශ්‍රී ලාංකීය ජනතාවට මේ දිනවල දක්නට ලැබෙන සුලභ දසුනකි.
                              ඒ දැගිල්ලේ තරමට අලුත් දෙයක් මෙරට පාරිභෝගිකයන් බලාපොරොත්තු වූවත් ඔවුන් ට ලැබුනු දෙයක් නැත.කවරදාවක වත් අප්ඩේට් නොවූ සිටිහිට්ස් පරණ නාළිකාවද සිරස ටීවී ආගමනයට ඉවත් කෙරුනු එම්ටීවී මකබාවද යළි එක් කර තිබේ.

Thursday, April 10, 2014

රන් එෆ්.එම් = ගණිකාව

                                                      
                                                                 ගණනක් කියන්නී යන අදහස ඇතුව "ගණිකාව" යන වචනය මුල් කාලයේදී සිංහල ශබ්ද කෝශය තුලට ඇතුලත් වී ඇත.නමුත් වර්තමානයේ දී මුදල් හා විවිධ වරප්‍රසාද අරමුණ කරගෙන ඇතම් පිරිමි පුද්ගලයන් ද අනියම් ඇසුරු පවත්වාගෙන යනු ලබයි.ඔවුන් හැදින්වීමට මෙරට මාධ්‍ය භාවිතා කරනු ලබන වචනය වන්නේ "පිරිමි ගණිකාවන්" යන්නයි.එය නිවැරදි නොවේ.ඒ සදහා භාවිතා කළ හැක්කේ "ලිංගික වෘත්තිකයන්" යන වචනයයි.ඔවුන් කුලියට තමන් සතු පෞද්ගලික ශරීරය අලෙවි කරන්නන් වේ.
                                                           කෙසේ නමුත් ගණිකාවක් තම ශරීරය විකුණන්නේ මුදලට ඇති කෑදරකම නිසාය.නැතහොත් දුප්පත් කම නිසාවෙන්ය.ලංකාවේ ප්‍රබල ගුවන් විදුලියක් යැයි කියා ගන්නා සෝමා එදිරිසිංහ ට අයත් රන් fm ගුවන් විදුලිය තම තරංග මාලාවක් මුදලට විකුණා දමා ඇත.ඒ 100.5 තරංග මාලාවයි.100.5 සැබවින් ම රන් fm ගුවන් විදුලියට අයත් තරංග මාලාවක් නොවේ.එය E fm ගුවන් විදුලියට ලැබුනු තරංග මාලාවයි.රන් fmගුවන් විදුලියේ තරංග මාලා වන්නේ fm 88.1 හා fm 88.3 යි.එෆ් එම් මීටරයේ මුලින් ම පිහිටි ඉංග්‍රීසී ගුවන් විදුලිය තමන් සතු කර ගැනිමේ දොළදුක නිසා එදිරිසිංහ පවුල 88.3ට e fm ගෙන යන ලදී.
                                          එය ද ගුවන් විදුලි පනත අනුව බරපතල වරදකි.එහෙත් මාධ්‍ය හා නීතිය පිළිබද මළපොතේ අකුරක් වත් නොදන්නා අම්බරුවන් රැළක් මෙරට විදුලි සංදේශ නියාමන කොමිසමේ සිටින තාක්කල් ඒවා වැරදි නොවේ.
                                   රන් fm තම හදවත බදු තරංග මාලාව ලබා දී ඇත්තේ theydal fm නම් ද්‍රවිඩ ගුවන් විදුලියකටය.මෙය බරපතල ලෙස නීතී උල්ලංඝනයකි.

http://www.theydalfm.com/ 

Monday, February 24, 2014

නීති විරෝධී ව කටයුතු කරන ඩයලොග් ටීවී වහා තහනම් කරනු !!!!!!!!!!!!


                                                              මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණ අනුව ක්‍රිකට් තරග විකාශනය කිරීමට අවසර ඇත්තේ එක් රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනකයකට පමණි.එම අයිතිය ඩෙන්ඩර් කැදවීමක් මගින් ලබාදෙන අතර විශාල මුදලක් ගෙවා එම මාධ්‍ය ආයතනය සජිවී ක්‍රිකට් විකාශන අයිතිය ලබා ගනී.සජීවී විකාශය තුල වෙළද දැන්වීම් ප්‍රචාරයෙන් අදාල වියදම් ආවරණය කර ගැනීමට මාධ්‍ය ආයතනය පෙළඹේ.
නමුත් නීතීමය රාමුව එසේ තිබියදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඩෙන්ඩර් කැදවීමට ඉල්ලුම් පත්‍රයක් වත් නොදැමූ ඩයලොග් ටීවී ආයතනය මෙරට ක්‍රිකට් තරග විකාශනය සිය ග්‍රහනයට සතු කරගෙන තිබේ.
ඩයලොග් ටීවී ඔස්සේ ක්‍රිකට් තරග විකාශනය කිරීමේදී මෙරට නාළිකාව බ්ලොක් කිරීමකට ලක් කරන අතර ඉන්දීය නාළිකාවක් ඔස්සේ අමතර ගෙවීමකින් ක්‍රිකට් තරගය නැරඹිය යුතුය.එය ඔවුන්ගේ ගිවිසුම් ගත නීතියක් නම් අපි එයට එකඟ වන්නෙමු.
එහෙත් වර්තමානයේදී එම ඉන්දීය රූපාවාහිනී නාළිකා සමඟ රහස් ගිවිසුමකට ගොස් ඇති ඩයලොග් ආයතනය ඔවුන්ගෙන් සෘජුවම සජීවි තරග විකාශනය ලබාගෙන මෙරට වෙළද දැන්වීම් ප්‍රචාරය කරන්නට කටයුතු කරමින් සිටී.අදාල ඉන්දීය රූපවාහීනී නාළිකා මෙහිදී ඔවුන්ගේ නම හෝ ලාංඥනය ප්‍රදර්ශනයට කිසිසේත් ඩයලොග් ආයතනයට අවසර ලබා නොදෙන්නේ මෙහි තිබෙන්නා වූ නීතීමය රාමුවේ බරපතලකම ඔවුන් දන්නා හේතුවෙනී.
 ඩයලොග් ටීවී යනු මෙරට මුදල් ගෙවා නැරඹිය යුතු රූපවාහීනී  නාළිකා සම්පාදකයෙක් (pay tv provider) මිස දේශිය රූපවාහිනි නාළිකාවක් තබා චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාවක් වත් පවත්වාගෙන යෑමට විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍රයක් නැති ආයතනයක් වේ.
ලාංකීය නීතියේ ඇති දුර්වල තැන් වලින් රිංගා ගොස් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ දූෂිත නිළධාරින්ගේ සහාය ද ඇතිව මොහුන් විසින් සිදු කරන්නේ බරපතල ලෙස මෙරට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නීතිය උල්ලංඝනය කීරීමකි.
පාඩු ලබනවා යැයි කියමින් මෙරට අහිංසක ජනයාගේ බදුබර මතින් යැපෙන ක්‍රිකට් ආයතනය මේ දෙස අවධානය යොමු කල යුතුය.මේ තුලින් ක්‍රිකට් ආයතනයට සිදු වන අලාභය රුපියල් බිලියන ගාණකි.පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගන්නවාසේම වෙළද දැන්වීම ප්‍රචාරයෙන් විශාල මුදලක් උපයන ඩයලොග් ආයතනයට ඒ වෙනුවෙන් ශත 5ක වත් වියදමක් නැත.
මෙයට ඉතා ඉක්මනින් ක්‍රිකට් ආයතනය මැදිහත් විය යුතු අතර අවශ්‍ය නම් ඩෙන්ඩර් මුදල් ලබා ගෙන ඩයලොග් ආයතනයට විකාශනය අයිතිය පැවරිය යුතුය.