Tuesday, June 18, 2013

ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ගේ අනාගතය අදුරු වන ලකුණු

මෙරට මුදල් ගෙවා නැරඹිය යුතු රූපවාහිනි නාළිකා සම්පාදකයන්(pay tv provider) අතර පෙරමුණ රැගත් ඩයලොග් ටීවී ආයතනය මේ වන විට තම පාරිභෝගිකයන් නොසලකා හැර ලාභය ගැන පමණක් සිතා කටයුතු කරන බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුවේ.

තරගකාරී පියෝ ටීවී ආයතනය සෑම සතියකම අළුත් රූපවාහිනි නාළිකාවක් තම ප්‍රේක්ශක ජනතාවට එකතු කරද්දී ඩයලොග් ටීවී දැනට තිබෙන නාළිකාද කප්පාදු කිරීමක නිරත වේ.මෙහි අළුත් බිල්ල වී ඇත්තේ eurosport නාළිකාව  ඉවත් කර ඒ වෙනුවට ශ්‍රද්ධා ටීවී එකතු කිරීමට ගෙන ඇති තීරණය යි.නාළිකාවක් ඉවත් කර නාළිකාවක් එකතු කිරීම මගින් අලුත් දෙයක් පාරිභෝගිකයන්ට නොලැබෙන අතර කලයුතු වන්නේ දැනට තිබෙන නාළිකා අතරට තවත් නාළිකා එකතු කිරීමයි.ඉතා ඉක්මනින් මොවුන් සතු වෙළදපල ඒකාධිකාරය බිදදමා තවත් චන්ද්‍රිකා තාක්ශණ රූපවාහිනි සමාගම් එකකට හෝ දෙකකට ලාංකීය වෙළදපල විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කල යුතු වේ.

දිගින් දිගටම ඩයලොග් ටී වී ආයතනය තම පාරිභෝගිකයන් සූරා කෑමකට ලක්කරන බවක් පෙනෙන්නට ඇති අතර තම සමාගම මුදල්  ගෙවා ලබා ගන්නා නාළිකා ප්‍රේක්ශකයන්ට අහිමිකර ඒ වෙනුවට සමාගමට නොමිලේ ලැබෙන නාළිකා වැඩි පුර දීමෙන් පෙනී යන්නේ මොවුන්නේ අරමුණයි.

මේ අතර පසුගිය කාලයේ ඩයලොග් ටීවී පෙරගෙවුම් සබදතා දිගින් දිගටම විසන්ධි වීමේ තත්වයක් දක්නට ලැබුන අතර කාළගුණික විපර්යාස නිසා හානි වූ උපකරණ සදහා වගකීමක් නොමැති බව පවසා විශාල ගසා කෑමකට පාරිභෝගිකයන් ලක්කර තිබේ.මෙරට නීතීය අනුව විදුලිය සම්බන්ධ උපකරණ අලෙවියේදී අවම වසරක වත් වගකීමක් ලබාදිය යුතු වුවත් ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියට ජොකා නැතුව කොකා පෙන්වා දවසකවත් වගකීමක් නැතුව රු 9990/= වූ ඉහළ පිරිවැයක් ඇති බාල චන්ද්‍රිකා ග්‍රාහක උපකරණ අලෙවියක නිරත වේ.

No comments:

Post a Comment