2005 ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ශත පහක් වත් වියදම් කිරීමට කිසිවෙකු සිටියේ නැත.කොටින් ම කිවතොත් ශ්‍රී ලංකා නිදහස් පක්ශ ආසන සංවිධාකයෙක්වත් පෝස්ටරයක් ඇලවීමට මුදලක් වියදම් කිරීමටත් අදිමදි කලේය.
එවන් මොහොතක පිහිටට ආවේ ජනතා විමුක්ති පෙරමුනේ ජපන් නිත්‍ය නියෝජිත සමන් ප්‍රියංකර ය.2005 ජනාධිපති සටනේදී මහින්ද ගේ රැස්වීමකට ආ අයෙකුට බත් පාර්සලයක් දුන්නානම් එය දුන්නේ සමන් ගේ සල්ලි වලිනි.දශමයෙන් මහින්ද ජන්දේ දිනුවේය.සමන් ට රේඩියෝ ලයිසමක් ලැබුනි.වී එෆ් එම් කියා එයට නම දැම්මේ වී කරළ අපේ සෞභාග්‍ය සංකේතය නිසාද නැතහොත් ජේවීපී නිසාද කියා අපි තවම නොදනිමු.
ඇත්තම කිව්වොත් ඒ දවස්වල ලංකා පත්තරේ දිව්වේ ද සමන් ගේ පර්ස් එකේ පිහිටෙනි.
මෙතෙක් කලක් ලංකාවේ ගුවන් විදුලි ඇරඹුවේ මුලින් ම කොළඹ ආවරණය කර පසුව ලංකාවේ අනෙක් ප්‍රදේශ ආවරණය කරමින්ය.වී එෆ් එම් ආරම්භ කලේ ලංකාව ම කවර් කරමින් අරඹන ප්‍රථම ගුවන් විදුලිය ලෙස ඉතිහාස ගත වෙමිනි.ගුවන් විදුලිය ඇරඹීමේදී අත්වැල් බැදගෙන සිටි වසන්ත දුක්ගන්නරාල,භාෂිනි සමරසිංහ ,ක්‍රිශාන්ත දයානන්ද,හිෂාන් සුමීර වැනි ගුවන් විදුලියේ දැවන්ත චරිත ටික දවසකින් වෙන් වුනි.
එහෙන් මෙහෙන් ඇහින්දාස් ලා ටිකක් දමාගෙන ඇදගෙන ගිය රේඩියෝව අවසානයේ විකුණාදැමීමට තීරණය විය.විමල් වීරවංශ එය මිළදී ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද අවසානයේ එය ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමි විය.
අප මුලින් කථා කල මැක්ස් රේඩියෝව හා වී එෆ් එම් අතර එතරම් වෙනසක් නැත.දෙකේ ම හිමිකරුවන් මෙන්ම සේවකයන් ද අලස කම්මැළි තමන් සේවය කරන ආයතනය ගැන හැගීමක් දැනීමක් නැති ගොම්බෙට්ට දැම්මා වගේ එක තැන පල් වෙන කොටසකි.
http://www.vfmradio.lk/වෙබ් අඩවියේ ප්‍රවෘත්ති ඇසීමට Listen to the News නම් කොටසක් වෙන් කර තිබේ.එහි වී morning news ක්ලික් කල අයෙකුට මාස 4ක් පැරණි නිවුස් එකක් අසන්නට ලැබේ.lunch time news හා evening news ක්ලික් කල අයෙකුට කිසිවක් නොඇසෙන්නේ එම ශබ්ද තරංග ග්‍රහනය කර ගැනීමට අපේ කණ් නොදියුණු නිසා විය හැක

No comments:
Post a Comment