Friday, May 31, 2013

රේනෝ ලාංකීය ගුවන් විදුලිය කණපිට පෙරළයි.

කොළඹ නගරයේ මෙන් ම තදාසන්න නගරවල වෙසෙන ඉංග්‍රීසී භාෂාව හසුරුවන පිරිස් ඉලක්ක කරගනිමින් දැනට මෙරට පෞද්ගලික ගුවන් විදුලි නාළිකා රාශියක් ක්‍රියාත්මක වේ.දෙවන ව වැඩිම පිරිසක් භාවිතා කරන භාෂාව දෙමළ වුවත් දෙමළ භාෂාවට වඩා ඉංග්‍රීසි බසින් වැඩි විද්‍යුත් මාධ්‍ය නාළිකා අප රටේ ක්‍රියාත්මක වේ.
             
                                          අප රටේ ක්‍රියාත්මක ඉංග්‍රීසි ගුවන් විදුලි නාළිකා නම් වශයෙන් ගතහොත්,
*සිරස මාධ්‍ය ජාලයට අයත් YES FM හා ලෙජන්ඩ් FM
*EAP මාධ්‍ය ජාලයට අයත් E FM
*ABC මාධ්‍ය ජාලයට අයත් SUN FM හා GOLD FM
*TNL මාධ්‍ය ජාලයට අයත් TNL ROCK හා LITE FM
*සියත මාධ්‍ය ජාලයට අයත් REAL RADIO
*සී එස් එන් මාධ්‍ය ජාලයට අයත් RED FM
*KISS FM
                                 ලෙස නම් කළ හැක.
                   මෙම ගුවන් විදුලි නාළිකා කිසිවක් මේ වන විට ආවරණය කර නොමැති හා ආවරණය කිරීමට කිසිදු අදහසක් වත් නොතිබූ ප්‍රදේශයක් ආවරණය කිරීමට ABC මාධ්‍ය ජාලයේ සන් FM හා ගෝල්ඩ් FM යන ගුවන් විදුලි නාළිකා අද දිනයේ දී සමත් වුණා.
ඒ ඌව පළාතයි.මඩොල්සිමෙන් FM 93.2 ඔස්සේ ගෝල්ඩ් FM ගුවන් විදුලියත් FM 98.7 ඔස්සේ සන් FM ගුවන් විදුලියත් අද දිනයේ දී තම විකාශන කටයුතු ඇරඹුවේ අවුරුදු 20ක ඉතිහාසයක් ඇති මෙරට පෞද්ගලික ගුවන් විදුලි කලාවේ ඉංග්‍රීසි ගුවන් විදුලියක්  ඌව  පළාත ආවරණය කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි.

ඉංග්‍රීසී භාෂාව අඩු භාවිතයක් ඇති ප්‍රදේශයක් ලෙසට ඌව පළාත හංවඩු ගසාගෙන සිටි මාධ්‍ය කරුවන්ට කණේ පහරක් දුන්නා පරිද්දෙන්  ABC  මාධ්‍ය ජාලය එක් වරම ලබා දුන් අත් දැකීම නැවුම් එකකි.
මේ අනුව ඉදිරියට බදුල්ල,මොණරාගල,අම්පාර,හම්බන්තොට,මඩකලපුව දිස්ත්‍රීක්කයන්හී අසන්නන්ට ඉහත සදහන් කල තරංග මාලා ඔස්සේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාළිකාවකට තම ගම් බිමේ සිට සවන් දීමට අවස්ථාව ලැබේ.

Monday, May 27, 2013

මොකක්ද?මේ මාධ්‍ය සදාචාරය

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි සිරුරට ගිනි තබා ගැනීම වීඩියෝ ගතකළ ස්වර්ණවාහිනි මහනුවර වාර්තාකරු මේ වන විට අත් අඩංගුවට පත් වී තිබේ.එය සම්බන්ධව නීතිමය කටයුතු සිදුකරන නිසා එය සම්බන්ධ ව කතාකිරීමට ඔලුවක් තිබෙන මනුෂ්‍ය යන් ලෙස අපට හැකියාවක් නැත.විමල් වීරවංශ,මර්වින් සිල්වා වගේ මෝඩයන් නම් අධිකරණයට ද අගවිනිසුරුට වුවද කුණුහරුපෙන් බනින්නේ මෝඩකම හා නූගත්කම නිසාය.අපට එසේ තිරිසනුන් ලෙස හැසිරිය නොහැකිය.

                         ලෝක ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතන ශ්‍රී ලංකාව හදුන්වන්නේ ප්‍රවෘත්ති මවන රටක් ලෙසය.එවන් රටක මාධ්‍යවේදින්ට ඕනෑ තරම් වැඩ තිබේ.කවුරුන් හෝ කියනවානම් මාධ්‍යවේදින් සිටිය යුත්තේ කාගේ හෝ ජීවිතබේරාදෙන ජීවිතාරක්ෂක භටයෙකු ලෙස හෝ ගිනි නිවන භටයෙකු ලෙස කියා ඌ මීහරකෙකි, මාධ්‍යවේදියාගේ ප්‍රධාන රාජකාරිය වාර්තා කිරීමයි.
මාධ්‍යවේදින් ගිනි නිවීම ද කළ යුතු නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ගිනි නිවන හමුදාව විසුරුවා හැර මාධ්‍යවේදීන් ඒ තනතුරු වලට පත් කළ යුතුය.

                                
ඉහත ජායාරූපය 1994 දින් කෙවින් කාටර් නම් වෘත්තීය ජායාරූප ශිල්පියා විසින් සූඩානයේ දි ගනු ලැබූ ජායාරූපයකි.මේ දරුවා ඇදෙන්නේ කිලෝමීටරයක් දුරින් පිහිටි සරණාගත කදවුරක් කරා ආහාර සොයාගෙනය.පසු පසින් ඇදෙන්නේ වූ ගිජුලිහිණියා ගේ ඉලක්කය දරුවාය.කෙවින් කාටර් ජායාරූපය ගත්තා පමණි.ඉලක්කය සපුරාගත් ගිජුලිහිණියා දරුවා ඔසවාගෙන ගියේය.වසරේ හොදම  ජායරූපයට හිමි සම්මානය කාටර් ට හිමි විය.සම්මාන උළෙලේදි ඔහු පවසා සිටියේ තමා එම ජායරූපය නොගත්තානම් දරුවා බේරාගන්නට ඉඩ තිබූ බවයි.එයින් ඇති වූ මානසික කම්පනය නිසා ඔහු සිය දිවි හානි කර ගත්තේය.
ඔහු මිය ගියේ තමාගේ වෘත්තිය නිවැරදිව කලා කියන සතුට හිතේ දරා ගෙනය.

මාධ්‍යවේදියෙක් යනු පාලකයන්ට කඩේ යෑම යැයි සිතාගෙන සිටින සංජීව එදිරිමාන්නලා වැනි උගත් මෝඩයින් කවදා මාධ්‍යවේදියාගේ වගකීම තේරුම් ගනීද?මන්දා.

ඌව ප්‍රජා ගුවන් විදුලිය නැවතත්


                                                                    ලංකාවේ ප්‍රාදේශිය මෙන්ම ප්‍රජා ගුවන් විදුලියන්ට කරන ලද විශාලම විනාශය කරන ලද්දේ හඩ්සන් සමරසිංහ නම් වූ ගද ගහන වාචාල කටක් ඇති නපුංසකයා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරය දරන වත්මනයේය.
මොහු ප්‍රාදේශිය ගුවන් විදුලියන්ගේ වටිනා උදෑසන කාලය තමාගේ කුණුහරුප කියවන වැඩසටහනකට ඒකාබද්ධ කරගත්තේය.ඉන් අනතුරුව එම වැඩසටහන අවසන් වීමෙන් පසු එම ගුවන් විදුලියන්ගේ විකාශන කාලය අවසන් කර දැම්මේය.
                            
ඌව ගුවන් විදුලිය අනෙකුත් ප්‍රාදේශිය හා ප්‍රජා ගුවන් විදුලියන්ගෙන් වෙනස් වන්නේ එහි ආවරණ කලාපය ප්‍රබල නිසාය.අප මීට පෙර සදහන් කල පරිදි හපුතලේ විකාශනාගාරයේ භූගෝලිය පිහිටීම නිසා එය පළාත් 5ක් ආවරණය කරයි.
පහුගිය වසරේ නොවැම්බර් මස 01 දින සිට විදුලි සංදේශ නියාමන කොමිසම ලබාදුන් නව තරංග මාලා ලැයිස්තුව අනුව ඌව ගුවන් විදුලියට තරංග මාලවක් හිමි නොවුනි.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි  සේවය මෙතෙක් පැවති 97.6FM හි සිට 90.1FM දක්වා මාරු කිරීම නිසා හපුතලෙන් FM මෙගහර්ට්ස් 97.6 ඔස්සේ ඌව ගුවන් විදුලියට සවන් දීමට අසන්නන්ට දැන් හැකියාව ලැබේ.

මීට පෙර 2004 වසරේ දී ද ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් විසින් කිසිම හේතුවක් නොමැතිව ඌව ගුවන් විදුලිය ඔහු විසින් පවරාගෙන එහි තිබූ ජනප්‍රියතාවයට මෙන්ම විශ්වාසනීයත්වයට හානි කලේය.

Tuesday, May 21, 2013

ආදරණීය කිංස්ලි දැන් කොයි යන්නේ?


එම්.ටී.වී. / එම්.බී.සී. මාධ්‍ය ජාලයේ නවතම ගුවන්විදුලි නාලිකාව වන ලෙජන්ඩ්ස් එෆ්.එම්. නාලිකාව  (19) සිට ගුවනට මුසු කෙරුණ බවත් මැයි 7 වන දා සිට වසා දැමූ කිරුළ එෆ්.එම්. නාලිකාව වෙනුවට මෙම අලුත් ලෙජන්ඩ්ස් එෆ්.එම්. නාලිකාව එළිදක්වා ඇත.
http://legends966.com/
වසා දැමීමට පෙර කිරුළ එෆ්.එම්. හි ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රවීණ නිවේදක කිංස්ලි රත්නායක මහතාට ඉන් පසු කුමක් වේවිද කියා බොහෝ දෙනක් විමසිලිමත් වූහ. කෙසේවෙතත් අද  දින සිට ක්‍රියාත්මක වන පරිදි සිරස රේඩියෝවේ නාලිකා ප‍්‍රධානී තනතුරට කිංස්ලි රත්නායක මහතා පත්කර තිබේ.

මෙරට ගුවන් විදුලි මෙන්ම රූපවාහිනී ක්ෂේත‍්‍රය තුළ ජනප‍්‍රිය චරිතයක් වූ කිංස්ලි රත්නායක සිරස රේඩියෝවේ මුල් කාලීන සාමාජිකයෙක් විය. ඔහු භාෂාව මනාව හසුරවමින් වැඩ සටහන්, සාකච්ජා ඉදිරිපත් කරමින් පේ‍්‍රක්‍ෂකයන් අතර වඩාත් හොඳ නමක් දිනාගත්තෙකි.
කිංස්ලි මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙ ආදි ශිෂයෙකු වන අතර, ඔහු පාසල් සමයේ දී එහි විවාද කණ්ඩායමේ දක්‍ෂ කථිකයෙකු ද විය.

මීට පෙර සිරස FM ප්‍රධානි ලෙස කටයුතු කල එස් එම් මරික්කාර් ට එම තනතුර මේ වනවිට අහිමි වී ඇති අතර ඔහු ඉදිරිකාලයේදී ගාල්ල දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජාතික පක්ශය නියෝජනය කිරීමට නියමිත බවට වාර්තා පලවේ.

එස් එම් මරික්කාර් තමාගේ පාලන කාලයේදී සිරස නාළිකාවේ අනන්‍යතාවය සම්පූර්නයෙන් වෙනස් කර ඒබීසී මාධ්‍ය ජාලයට අයත් හිරු ගුවන් විදුලිය කොපි කිරීමට උත්සාහ ගත් බවක් පෙනෙන්නට තිබුන අතර ඉදිරි දින කීපයේදි කිංස්ලි කුමක්, කෙසේ ,කොපමණ කලත් අප මුලින් වාර්තා කල පරිදි එය තීරණය කරන්නේ වෙනත් නාලිකාවන්ගෙන් වැටුප් ලබන ඉංජිනේරු කිණිතුල්ලන්ගේ තීරණය මතය.

Monday, May 20, 2013

දෙරණ නුවරඑළිය නවතම ට්‍රාන්ස්මීටරය සාර්ථකද?

.

යූරෝපයෙන් ගෙන්වන ලද DVB-T2  තාක්ශණය උපයෝගි කරගෙන දෙරණ රූපවාහිනි නාළිකාව නුවරඑළිය කිකිළියාමාන කදු මුදුනෙහි බල ගැන්වුනු සම්ප්‍රේෂණ කුළුණ මෙරට රූපවාහිනි සම්ප්‍රේණයේ නව පිම්බක් වුවත් එය ස්ථාන ගත කරේ නියමිත ස්ථානයේ ද යන්න නැවත සලකා බැලිය යුතු කරුණකි.
                                                                  ලංකාවේ උසින් ම පිහිටි ස්ථානය නුවර එළිය නිසා බොහෝ මාධ්‍ය ආයතන දිවයින පුරා තමන්ගේ විකාශනාගාර නුවරඑළියේ ස්ථානගත කිරීම 1994 සිරස එෆ් එම් ගුවන් විදුලිය 88.8 FM ඔස්සේ තෝරා ගත් දින සිට මේ දක්වා  තෝරා ගැනීම සිදු කරයි.
 නමුත් කිකිළියාමාන හෝ පිදුරුතලාගල යොදා ගැනීම සාර්ථක නොවේ..නුවර එළිය වටෙන්ම පිහිටි කදු නිසා එම තරංග මාලා නුවර එළිය ට සීමාවේ.
පිට පළාතට විවෘතවේ නම් බස්නාහිර ට පමණි.මෙම මාධ්‍ය ආයතන කොහොමත් බස්නාහිර පළාත ආවරණය කර ඇති ඒවාය.  මෙයින් අප හට පැහදිලි වන නිගමනය වන්නේ මොවුන් දිවයින කියා සිතාගෙන ඇත්තේ කොළඹ පමණි.
අප කියන මේ කථාව  කොතරම් නිවැරදි දැයි ඔබට බලාගත හැක්කේ ඔබ දිවයිනේ කුමන ප්‍රදේශයක සිටියත් 36UHF සුසර කර දෙරණ පෙනෙනවා දැයි පරීක්ශා කිරීමෙනි.
නැත.නුවරඑළියටයි කොළඹටයි හැර කොහෙටවත් පෙනෙන්නේ නැත.

 මෙම මාධ්‍ය ඔස්තාර්ලා රැල්ලට ට්‍රාන්ස්මීටර උස උස කදු තෝරා ගෙන අටවනවාට වඩා ඇටවිය යුතු තැනක් මුලින් සොයා ගත යුතුය.
මේ සදහා හොදම ස්ථානය නම් හපුතලේ ය.
ඔබ හපුතලේ ලිප්ටන් සීට් ගොසින් බලන්න.පියවි ඇසෙන් ඔබට ලංකාවේ පළාත් නවයෙන් පහක් දැක ගත හැකි වනු ඇත.
ඇසට එසේ නම් විද්‍යුත් චුම්භක තරංග ඊට වඩා බොහෝ දුර යනු ඇත.

Thursday, May 16, 2013

මහරාජාගේ සේවකයෝ තවත් ගුවන් විදුලියක් වසා දැමීමට සැරසේ.

                                                 

මීට සතියකට පමණ පෙර වසා දැමූ සිරස මාධ්‍ය ජාලයට අයත් කිරුළ එෆ් එම් ගුවන් විදුලිය වසා දැමීමට මූලික හේතුව වූයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය හෝ කළමණාකාරිත්වයේ දුර්වලතා යැයි මාධ්‍ය වාර්තා පළ වූවත් සත්‍ය වශයෙන් එය සිදු වූයේ ඉංජිනේරු අංශයේ දුර්වලතා නිසාය..ගුවන් විදුලිය ආරම්භ කල දින සිට 93.6 ඔස්සේ ඇසුනේ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනයකි...ඉන් අනතුරුව පසුගිය වසරේ නොවැම්බර් 1 වැනිදා සිට 96.6 තරංග මාලාව කිරුළ ට ලැබුනත් එය ද කොළඹට  හරියට ඇසුනේ නැත.කෙසේ හෝ මහරාජාගේ කිරුළ ගලවා දැමීමට ඉංජිනේරු අංශය සමත් වුනේය.

"ලබ්බට තියපු අත මයි පුහුලටත් තියන්නේ"යැයි කියමනක් ඇත.දැන් ඊළග වැඩපිළිවෙල ඔවුන් අරඹා ඇත..Y එෆ් එම් ගුවන් විදුලියට අයත් 92.7 මාතලේ ගම්මඩුව තරංග මාලාව රෑට රෑට දෙමළ ගුවන් විදුලියකට විකුණා කීයක් හරි හම්බු කර ගැනීමට MBC ඉංජිනේරු අංශයේ කීපදෙනෙක් සමත් වී තිබේ.
මෙහි ප්‍රධාන මොළකරුවා අද උදෑසන දුරකථනය ඔස්සේ සම්බන්ද කරගැනීමට හැකි වූයේ ය.මේ ගැන අප විමසද්දී ඔහුට මළ පැන්නේය..ලසිත් මාලිංග හොදය.
"ඒක මගෙයි අපේ ආයතනේ ප්‍රශ්නයක්..ඒක තීරනය කරන්නේ අපේ ආයතනය ඔයාට ඔය ගැන ප්‍රශ්නයක් තියේනම් TRC එකට කියන්වා.මන් දෙන්නම් එයාලගේ නම්බරේ"..
ෆෝන් එක කට් කර දැම්මේය.

මුල් කාලයේ සිරස එෆ් එම් ඇසුනු බොහෝ ප්‍රදේශවලට ද දැන් සිරස ඇසෙන්නේ නැත..හේතුව ඉංජිනේරු අංශයට කලු සල්ලි ගලා එන ක්‍රමයක් වෙනත් නාළිකා විසින් අරබා තිබීමයි..මේ පිළිබද විවිධ ගැටලු පැන නැගි අවස්ථාවන් හිදි රජය සිරසට විරුද්ධ ව තරංග මාලාවලට බාධා කරන බව පවසා පේක්ශකයන් සතුටු කිරීමට ද මේ අය හරි සමතුන් ය.ඇත්තටම රජයට හෝ TRC එකට කළ හැකි මගුලක් හෝ කරන මගුලක් නැත.
මේ ගැන ඉදිරියේ දී තව දුරටත් හෙළි කිරීමට අප සූදානම් ය.
ආයතන කළමණාකාරිත්වය මොන වැඩසටහන  කුමන ආයෝජනයක් කර ඉදිරිපත් කලත් වැඩක් නැත..ඒවා මිනුස්සුන්ට ඇසෙන්නේ නැත.
මේ ගැන අප කරන ලද වාර්තා කිරීම බලා සතුටු වෙන මාධ්‍ය ආයතන වලට ද කිව යුත්තේ ඔබේ මාධ්‍ය ආයතනයේ ද මේ කිණිතුල්ලන් සිටින බවය.
නෙත් එෆ් එම් ගුවන් විදුලියේ නායබැද්ද විකාශානාගාරයේ ද මෙවැනි කමින් සිටින බත් පිගානට ම මළපහ කරන පිරිසක් ගැන වාර්තා වෙන අතර ඒ ගැන තවත් තොරතුරු සොයා බලා වාර්තා කරන බව දැනුම් දෙමි.

කිලි මහරාජා මෙන්ම ඈපා සෙනෙවිරත්න ද එකක් හොදින් මතක තියා ගත යුතුය
"ලොකූ නැවක් මුහුදුබත් වන්නේ එහි කපිතාන් ම වරදක් කිරීමෙන් නොවේ.බෝල්ට් ඇණයක් තද කරන සුළු සේවකයෙක් අතින් එය සිදු විය හැක".