මීට සතියකට පමණ පෙර වසා දැමූ සිරස මාධ්‍ය ජාලයට අයත් කිරුළ එෆ් එම් ගුවන් විදුලිය වසා දැමීමට මූලික හේතුව වූයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය හෝ කළමණාකාරිත්වයේ දුර්වලතා යැයි මාධ්‍ය වාර්තා පළ වූවත් සත්‍ය වශයෙන් එය සිදු වූයේ ඉංජිනේරු අංශයේ දුර්වලතා නිසාය..ගුවන් විදුලිය ආරම්භ කල දින සිට 93.6 ඔස්සේ ඇසුනේ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනයකි...ඉන් අනතුරුව පසුගිය වසරේ නොවැම්බර් 1 වැනිදා සිට 96.6 තරංග මාලාව කිරුළ ට ලැබුනත් එය ද කොළඹට හරියට ඇසුනේ නැත.කෙසේ හෝ මහරාජාගේ කිරුළ ගලවා දැමීමට ඉංජිනේරු අංශය සමත් වුනේය.
"ලබ්බට තියපු අත මයි පුහුලටත් තියන්නේ"යැයි කියමනක් ඇත.දැන් ඊළග වැඩපිළිවෙල ඔවුන් අරඹා ඇත..Y එෆ් එම් ගුවන් විදුලියට අයත් 92.7 මාතලේ ගම්මඩුව තරංග මාලාව රෑට රෑට දෙමළ ගුවන් විදුලියකට විකුණා කීයක් හරි හම්බු කර ගැනීමට MBC ඉංජිනේරු අංශයේ කීපදෙනෙක් සමත් වී තිබේ.
මෙහි ප්‍රධාන මොළකරුවා අද උදෑසන දුරකථනය ඔස්සේ සම්බන්ද කරගැනීමට හැකි වූයේ ය.මේ ගැන අප විමසද්දී ඔහුට මළ පැන්නේය..ලසිත් මාලිංග හොදය.
"ඒක මගෙයි අපේ ආයතනේ ප්‍රශ්නයක්..ඒක තීරනය කරන්නේ අපේ ආයතනය ඔයාට ඔය ගැන ප්‍රශ්නයක් තියේනම් TRC එකට කියන්වා.මන් දෙන්නම් එයාලගේ නම්බරේ"..
ෆෝන් එක කට් කර දැම්මේය.
මුල් කාලයේ සිරස එෆ් එම් ඇසුනු බොහෝ ප්‍රදේශවලට ද දැන් සිරස ඇසෙන්නේ නැත..හේතුව ඉංජිනේරු අංශයට කලු සල්ලි ගලා එන ක්‍රමයක් වෙනත් නාළිකා විසින් අරබා තිබීමයි..මේ පිළිබද විවිධ ගැටලු පැන නැගි අවස්ථාවන් හිදි රජය සිරසට විරුද්ධ ව තරංග මාලාවලට බාධා කරන බව පවසා පේක්ශකයන් සතුටු කිරීමට ද මේ අය හරි සමතුන් ය.ඇත්තටම රජයට හෝ TRC එකට කළ හැකි මගුලක් හෝ කරන මගුලක් නැත.
මේ ගැන ඉදිරියේ දී තව දුරටත් හෙළි කිරීමට අප සූදානම් ය.
ආයතන කළමණාකාරිත්වය මොන වැඩසටහන කුමන ආයෝජනයක් කර ඉදිරිපත් කලත් වැඩක් නැත..ඒවා මිනුස්සුන්ට ඇසෙන්නේ නැත.
මේ ගැන අප කරන ලද වාර්තා කිරීම බලා සතුටු වෙන මාධ්‍ය ආයතන වලට ද කිව යුත්තේ ඔබේ මාධ්‍ය ආයතනයේ ද මේ කිණිතුල්ලන් සිටින බවය.
නෙත් එෆ් එම් ගුවන් විදුලියේ නායබැද්ද විකාශානාගාරයේ ද මෙවැනි කමින් සිටින බත් පිගානට ම මළපහ කරන පිරිසක් ගැන වාර්තා වෙන අතර ඒ ගැන තවත් තොරතුරු සොයා බලා වාර්තා කරන බව දැනුම් දෙමි.
කිලි මහරාජා මෙන්ම ඈපා සෙනෙවිරත්න ද එකක් හොදින් මතක තියා ගත යුතුය
"ලොකූ නැවක් මුහුදුබත් වන්නේ එහි කපිතාන් ම වරදක් කිරීමෙන් නොවේ.බෝල්ට් ඇණයක් තද කරන සුළු සේවකයෙක් අතින් එය සිදු විය හැක".

No comments:
Post a Comment