ගණනක් කියන්නී යන අදහස ඇතුව "ගණිකාව" යන වචනය මුල් කාලයේදී සිංහල ශබ්ද කෝශය තුලට ඇතුලත් වී ඇත.නමුත් වර්තමානයේ දී මුදල් හා විවිධ වරප්‍රසාද අරමුණ කරගෙන ඇතම් පිරිමි පුද්ගලයන් ද අනියම් ඇසුරු පවත්වාගෙන යනු ලබයි.ඔවුන් හැදින්වීමට මෙරට මාධ්‍ය භාවිතා කරනු ලබන වචනය වන්නේ "පිරිමි ගණිකාවන්" යන්නයි.එය නිවැරදි නොවේ.ඒ සදහා භාවිතා කළ හැක්කේ "ලිංගික වෘත්තිකයන්" යන වචනයයි.ඔවුන් කුලියට තමන් සතු පෞද්ගලික ශරීරය අලෙවි කරන්නන් වේ.
කෙසේ නමුත් ගණිකාවක් තම ශරීරය විකුණන්නේ මුදලට ඇති කෑදරකම නිසාය.නැතහොත් දුප්පත් කම නිසාවෙන්ය.ලංකාවේ ප්‍රබල ගුවන් විදුලියක් යැයි කියා ගන්නා සෝමා එදිරිසිංහ ට අයත් රන් fm ගුවන් විදුලිය තම තරංග මාලාවක් මුදලට විකුණා දමා ඇත.ඒ 100.5 තරංග මාලාවයි.100.5 සැබවින් ම රන් fm ගුවන් විදුලියට අයත් තරංග මාලාවක් නොවේ.එය E fm ගුවන් විදුලියට ලැබුනු තරංග මාලාවයි.රන් fmගුවන් විදුලියේ තරංග මාලා වන්නේ fm 88.1 හා fm 88.3 යි.එෆ් එම් මීටරයේ මුලින් ම පිහිටි ඉංග්‍රීසී ගුවන් විදුලිය තමන් සතු කර ගැනිමේ දොළදුක නිසා එදිරිසිංහ පවුල 88.3ට e fm ගෙන යන ලදී.
එය ද ගුවන් විදුලි පනත අනුව බරපතල වරදකි.එහෙත් මාධ්‍ය හා නීතිය පිළිබද මළපොතේ අකුරක් වත් නොදන්නා අම්බරුවන් රැළක් මෙරට විදුලි සංදේශ නියාමන කොමිසමේ සිටින තාක්කල් ඒවා වැරදි නොවේ.
රන් fm තම හදවත බදු තරංග මාලාව ලබා දී ඇත්තේ theydal fm නම් ද්‍රවිඩ ගුවන් විදුලියකටය.මෙය බරපතල ලෙස නීතී උල්ලංඝනයකි.
http://www.theydalfm.com/


ඇඩ්මින්තුමාට සහ අනෙකුත් බ්ලොග්කරුවන්ට සුභ අළුත් අවුරුද්දක් පතන අතරම බ්ලොග් එක අප්ඩේට් කිරීම ගැන ඇඩ්මින්ට මම ස්තූති කරනවා. මම මුලින් හිතුවේ මේක ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයේ ඉදිරිපිම්මක් වෙන්නැතියි කියලා ( ඒ කිව්වේ ඊ.ඒ.පී ලගේ දෙමළ ගුවන්විදුලිය සහ රූපවාහිනිය කියල ). එතකොට මෙයාලා ටී.වී චැනල් එකට ෆ්‍රීක්වන්සි ගන්නේ කාගෙන්ද දන්නෑ ?
ReplyDeleteඔබටත් සුභ නව වසරකට ආසිරි පැතුම් ගෙන එනවා දේශප්‍රිය මහතා.මම මුලින්ම සදහන් කළ පරිදි ඔබතුමාලගේ අදහස් මතින් තමයි අපේ ගමන අපි යන්නේ.නැතුව කිසිම වාණිජ අරමුණක් අපේ නෑ.එහෙත් අවාසනාවකට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය තුලට රිංගාගත් මීහරකුන් කරන වැරදි පෙන්වා දීමයි.අපේ අරමුණ.ලැබුවා වූ නව වසරේත් අපි ඒ දේ ඒකහෙළා කිරීමට සුදානමින් ඉන්නේ.
ReplyDeleteදිගටම කරගෙන යන්න. අඩුම තරමින් මාසෙකට සැරයක්වත් අළුත් පෝස්ට් එකක් දාන්න. ඔබට ජය !
Deleteඩිෂ් ටීවී ළඟදිම පටන්ගන්න යන්න කතාවක් තියෙනවා. ඒ අතරෙම ඩයලොග්ලා තමන්ගෙ චැනල් ලයින් අප් එකට අළුත් චැනල් වගයක් දාලා තියෙනවා. එම්.ටී.වී ස්පෝර්ට්ස්, සිටි හිට්ස්, එම්.ටී.වී ඉන්දියා, සිනේ තිරෙයි, සෝනි සික්ස්, සන්ඩාන්ස්, යුනිවර්සල්, ඊ ! ලු දාලා තියෙන්නෙ.ඩයලොග්ලා බය වෙලාද කොහෙද .ඇඩ්මින් පොඩ්ඩක් මේ ගැනත් හොයලා බලලා බ්ලොග් එක අප්ඩේට් කරන්න.
ReplyDeleteරැදී සිටින්න ආදරණීය ගෝල්ඩන්,
ReplyDeleteඅපි හැමදාමත් ඔබලාගේ ප්‍රතිචාර වලට මුල් තැන දෙනවා.මම ඊයේ දිනයේදී දුටුවා දෙරණ එෆ් එම් වෙබ් අඩවියේ උපුල් ශාන්ත සන්නස්ගලගේ නව වැඩසටහන රෙකෝඩින් එක ගැන තරමක් විවේචනශීලී කොමෙන්ට්ස් කීපයක්.අද දින වන විට ඔවුන් එය ඉවත්කරලා සුදු හුණු ගාන කොමෙන්ට්ස් වලට විතරක් ඉඩ දීලා.
කවදාවත් එවැනි මාධ්‍ය ආයතනයකට මිනිස්සු අතරට යන්න බෑ.
අනිවාර්යෙන්ම තමන්ගේ පේක්ශකයන්ගේ අදහස් වලට ඉඩ දෙන්න ඕනි.
එෆ් එම් මීටරයේ මුලින්ම තියෙන ඉංග්‍රීසි චැනල් එක ලයිට් එෆ් එම්
ReplyDeleteනවීන් ,ඔබ නිවැරදියි.
ReplyDelete