මෙතෙක් කලක් මෙරට පැවති චන්ද්‍රිකා රූපවාහිනි විකාශනයේ ඒකාධිකාරය තුලින් ඩයලොග් සමාගම අහිංසක ශ්‍රී ලාංකිකයාගේ ලේ,මස්,දහඩිය,කදුළු තුලින් උපයාගත් සොච්චම් මුදල ගෙඩි පිටින්ම ගසා කෑ කාලයේ අවසන් අදියරට දැන් අප පැමිණ තිබේ.අප බ්ලොග් අඩවිය ආරම්භ කල මුල් කාලයේදී එනම් පසුගිය වසරේ ජුනි මස පළකල ලිපියකින් ද ඉතා බැගෑපත් ලෙස තවත් චන්ද්‍රිකා රූපවාහිනි සම්පාදකයන් එක් අයෙකුට හෝ ලාංකීය වෙළදපල විවෘත ලෙස රජයෙන් ඉල්ලා සිටි බව ඔබට මතක ඇති බව අප දනිමු.ඒ වසන්ත කාලය දැන් උදාවෙමින් පවතී.දකුණු ආසියාකරයේ ටෙලිවිශන් සැටලයිට් රජු ලෙස කිරුළු පළන් ඩිෂ් ටීවී ආයතනය මෙරට ආයෝජනය කිරීමට සියල්ල සුදානම් ය.දැනට එහි පර්යේශන කටයුතු මාළඹේ ප්‍රදේශයේ සිට මේ වන විට අති සාර්ථකව අත් හදා බලමින් සිටී.
හෙළකුල සිරිතට ආයුබෝවන්! කියමින් ඩිෂ් ටීවී අප බ්ලොග් අඩවිය පිළිගැනීමද මේ මොහොතේදීම කරන්නෙමු.එසේ ම ඒ සුභ පැතුම් එක් කළ ඇගිළි තුඩෙන්ම උඹලාගේ වැරදි වලට දුටු තැන පහර දීමට අප සුදානම් බවද?මතක තබා ගත යුතුය.
ඩිෂ් ටීවී හා ඩයලොග් ටීවී අතර වෙනස සරලව ඔබට පැවසුහොත් ඩයලොග් ටීවී චැනල 72ක් සදහා ඔබ මාසිකව රුපියල් 2550ක් ගෙවිය යුතු වේ.එම මුදලට ඩිෂ් ටීවී චැනල් 450ක් ඔබට මාස 3ක් නැරඹිය හැකිය.එමෙන්ම ඔවුන් තම මව් රට වූ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන සෑම ක්‍රිකට් තරගයක්ම කිසිදු මුදලක් අය නොකර නොමිලේ තම සියලු ග්‍රාහකයන් ට නැරඹිමේ අවස්ථාව ලබා දේ.බොහෝ විට මෙරට ව්‍යාපාර ඇරඹූ විට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග නොමිලේ විකාශනය කිරීමේ වැඩි ඉඩක් ඇත.
ඩිෂ් ටීවී අත්හදා බැලීමත් සමගම ඩයලොග් ටීවී ආයතනය භූමිතෙල් ගෑවුන ගැරඩියෙකු මෙන් දගලන අයුරු ශ්‍රී ලාංකීය ජනතාවට මේ දිනවල දක්නට ලැබෙන සුලභ දසුනකි.
ඒ දැගිල්ලේ තරමට අලුත් දෙයක් මෙරට පාරිභෝගිකයන් බලාපොරොත්තු වූවත් ඔවුන් ට ලැබුනු දෙයක් නැත.කවරදාවක වත් අප්ඩේට් නොවූ සිටිහිට්ස් පරණ නාළිකාවද සිරස ටීවී ආගමනයට ඉවත් කෙරුනු එම්ටීවී මකබාවද යළි එක් කර තිබේ.

No comments:
Post a Comment