Friday, May 2, 2014

"ස්වර්ණවාහිනිය හොර කරනවා"...........අබාන්ස් සමාගමත් ස්වර්ණතුන්පැයෙන් ඉවත් වෙන ලකුණු

                          ස්වර්ණවාහිණි ස්වර්ණතුන්පැය තුල සිදු කෙරෙමින් පැවති වංචාවක් පිළිබද අප මීට පෙර පුවතක් ගෙන එන ලදී.එම පුවත වාර්තා කිරීමත් සමගම එයට සම්බන්ධ ප්‍රධාන මහ මොළකරු වන ධම්මික යටිකිද ස්වර්ණවාහිනි සේවයෙන් පහ කිරීමක් සිදු කල නමුදු නැවත රැකියාව ලබා ගැනීමට ඔහු සමත් කම් දක්වා ඇත්තේ බුද්ධික කුලසේකරට වඩා එදිරිසිංහ පවුලේ ඩබල්ගේම් දන්නේ ධම්මික නිසාය.
                      ධම්මික යටිකිද යළි සේවයේ පිහිටවූ දින සිට ස්වර්ණතුන්පැය අනුග්‍රාහක දායකත්වය සැපයූ ඩේවිඩ් පීරිස් මොටර් සමාගම වහාම තම සමාගම ස්වර්ණ තුන්පැයෙන් ඉවත්වන බව ඊඒපී අලෙවි අංශයට දන්වා ඇත.ඉන් පසුව කරන ලද පරීක්ශනයන්හිදී සනාථ ව ඇත්තේ දිනපතාම යතුරු පැදි ලබා දෙන බව පැවසුවත් මාසයකට දී ඇත්තේ යතුරු පැදි 12-15 අතර ප්‍රමාණයක් බවත් එකම වීඩියෝ පටය කරකවා දින කීපයක් පෙන්වා ස්වර්ණවාහිනිය දිගින් දිගටම යටි මඩි ගසා ඇති බවයි.
                            අලෙවියෙන් පසු සේවය,තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා වුවමනා,සමාගමේ කීර්තිනාමය,සේවකයන්ගේ විනය හා හැසිරීම පිළිබද  ඩේවිඩ් පීරිස් සමාගම තරම් සොයා බලන තවත් පෞද්ගලික ආයතනයක් මෙරට නොමැති තරම්ය.ඔවුන්ගේ පැත්තෙන් ගතහොත් ව්‍යාපාර ඇරඹූ දින සිට ඉතිහාසයේ සිදුවූ විශාලම කීර්තිනාම හානිය සිදු කර ගත්තේ ස්වර්ණවාහිණිය හා දීග කෑමට ගොස්ය.
                            ඩේවිඩ් පීරිස්ගේ ඉවත්වයෑමත් සමග කෙසේ හෝ ස්වර්ණතුන්පැයට හීරෝහොන්ඩා යතුරු පැදි ගෙන්වනු ලබන අබාන්ස් සමාගම සෙට් කරගැනීමට ඊ.ඒ.පී මාකර්ටින් ටීම් එකට හැකි විය.ඩේවිඩ් පීරිස් සමාගමේ හැසිරීම හා පාලනය සමග අබාන්ස් සමාගම සංසන්දය කලහොත් අහසට පොළොව මෙන් දුරය.අබාන්ස්ලාට තම පාරිභෝගිකයන්,කීර්තිනාමය,සේවක විනය එතරම් වැදගත් නැත.කොහොම හරි බඩ්ඩ විකුණාගත්තානම් ඇතිය.
                                     අබාන්ස් සමාගමේ ජේෂ්ඨ කළමණාකරුවෙකු අප වෙත තොරතුරු ලබා දෙමින් පවසා සිටියේ මෙවැනි කතාවකි.
                                  "ඒ වැඩේ හරි යන් නෑ.අපි දැනට බයික් 40ක් විතර දීලා තියෙනවා.හැමදාම කචල්.ගොඩක් තැන්වල  ස්වර්ණවාහිනි බලන්නෙත් නෑ.ගමේ එක ගෙදරකට ගියාම එයාලා ගමටම කෝල් කරලා කියනවා ස්වර්ණවාහිනියෙන් ඇවිත් කියලා.ඊට පස්සේ ගමේම බලන්නේ ස්වර්ණවාහිනි.ගෙදරට ගිහිල්ලා බලන ටෙලිනාට්‍ය මොනාද?කියලා ඇහුවම දන් නෑ.එකකවත් නමක්.අන්තිමට ලොකු අවුල් ජාලයක් වෙනවා එතන.ඒකෙන් වෙන්නේ අපේ පාරිභෝගිකයන්ගෙත් හිත් රිදවලා එන්න.මීට කලින් ඩේවිඩ් පීරිස් ලා හොදට මේ කට්ට කාලා.අපේ කොම්පැනියෙත් උඩ ඉන්න මෝඩයෝ නිකම්ම මේකට අහුවෙලා.ස්වර්ණවාහිනිය කරන්නේ බොරු"

1 comment:

  1. අළුත් පෝස්ට් එක නම් නියමයි ඇඩ්මින්. ඔහොම යං.

    ReplyDelete