Thursday, May 22, 2014

බල්ලාට ගිය ගුවන් විදුලි ක්‍රිකට් විකාශන අයිතිය

                                                          
                                                          අප මීට පෙර ලිපියකින් දන්වා සිටියේ ඩයලොග් ටීවී ආයතනය ඉතා නින්දිත අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් විකාශන නීතී රීතී උල්ලංඝනය කරන ආකාරය දෙස මෙරට ක්‍රිකට් පාලක මණ්ඩල නිළධාරින් බකමූණන් මෙන් බලා සිටින බවය.මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනේ.මක් නිසාද යත් මෙරට සෑම ක්ෂේත්‍රයක් පුරාම සිටින්නේ අදාල අසුනට සුදුසුකම් නොමැති බත් බැල්ලන් නිසාය.
                                         තත්වය තවත් බරපතල කරමින් මෙරට ගුවන් විදුලි ක්‍රිකට් විකාශනය දිවයින පුරා ආවරණයක් නොමැති ගුවන් විදුලි නාළිකාවන් අතට  ලබා දීමට කටයුතු කළේ මොළේ ගුද මාර්ගයේ බැහපු මෙම නිළධාරින් ය.මාධ්‍ය ආයතනයක ශක්‍යතාවය, සාර්ථකත්වය,ප්‍රබලත්වය තීරණය වන්නේ ඔවුන් සතු තාක්ශණය,ආවරණ කලාපය මතය.
                                 පහුගිය 2011 ලෝක කුසලාන අයිතිය දෙරණ ගුවන් විදුලියට ලැබුනු අතර ඔවුන් විගසින් රටට ආවරණය කලේය.
                                 2014 විස්සයි විස්ස ලෝක කුසලාන අයිතිය සියත ට ලැබුණු අතර එය කොළඹ හා නුවර ධනපති පන්තියට සීමා විය.පන්දුවෙන් පන්දුව වෙළද දැන්වීම් විස්තර විචාරයක් ගෙන එන්නට සංගීතා වීරරත්නට හා රොශාන්ත කාරියප්පෙරුමගේ සියතට හැකිවිය.
                               ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ අයිතිය කොළඹ දිස්ත්‍රීක්කය වත් ආවරණය කර නැති යූ එෆ්.එම් නාළිකාවට ලබා දී තිබේ.
නාළිකාව වෙනස් වුවද විස්තර ප්‍රචාරය ගෙන එන්නේ පරණ මැන්ටල් බුවාලාගේ සෙට් එකමය.ඔවුන් කයිවාරු ගහන්නේ 1980 දශකයේ ක්‍රිකට් ගැන පමණි.වර්තමාන වාණිජ ක්‍රිකට් ක්‍රීඩාව  ගැන මළපොතේ අකුරක් එක බුවෙක්වත් නොදනී.ක්‍රිකට් විස්තර විචාරයට තරුණ කණ්ඩායමක් සැදිය යුතු කාලය ඇවිත් ඇත.
                              අපගේ අදහසට අනුව නම් කිසියම් හෝ දුරකට සාර්ථක යැයි කිව හැකි ගුවන් විදුලි ක්‍රිකට් විස්තර විචාරයක් ගෙන එන ලද්දේ රුහුණු ගුවන් විදුලිය පමණි.

අමු සිංහලෙන් ම  බළධාරින්ට මේ දේ කියා දිය යුතුය.
යකෝ! තොපි දැනගනියව් තාමත් අපේ රටේ 30%කට රූපවාහිනි නෑ.විශේෂයෙන් ගම්බද පළාත්වල.ඉතින් මී ගොන් හරකුනේ ගමට ඇසෙන රේඩියෝ එකකට දීපල්ලා මේක.මොකද?ටවුන් වල එවුන් රේඩියෝ එකෙන් මැච් අහන් නෑ.

2 comments:

  1. මචං, ළඟදිම "තිනෙත ටී.වී" කියල සැටලයිට් චැනල් එකක් පටන්ගන්න යනවලු. ඒ අතරෙම දෙරණ පැය 24ම යන නිව්ස් චැනල් එකක් පටන්ගන්න හදන බව ආරංචියි. මේ දවස් වල ඒකට අළුතෙන් ස්ටාෆ් එක ගන්නවලු.පොඩ්ඩක් මේ ගැනත් හොයල බලන්න.

    ReplyDelete