Thursday, June 20, 2013

මාධ්‍ය ආයතනවල සේවකයෝ වැඩි දෙනෙක් ගණිකාවෝ සහ සමලිංගිකයෝ

ගෙවුනු පැය 24 තුල ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන 3ක ප්‍රවෘත්ති වාර්තාකරණය ගැන කරන ලද ගවේශණයකදී හෙළි වූයේ මෙම මාධ්‍ය ආයතන තුල සේවය කරන සේවකයන් කිසිදු දැනුමක් නැති මෝඩ මීහරක් රැලක් බවයි.අප විසින් මෙසේ අධ්‍යයනය කරන ලද ආයතන 3 ම පෞද්ගලික ඒවා වන අතර සේවකයන් බදවා ගැනීම හා ඒ සම්බන්ධ ව සිටින කීප දෙනෙක්ගෙන් විමසන ලද කරුණු කාරණා අනුව අප හට ඔවුන් පවසා සිටියේ හිමිකාරිත්වයගේ පෞද්ගලික අවශ්‍යතා හා වුවමනා සදහා පමණක් ගැළපෙන සේවකයන් බදවා ගන්නවා මිස දැනුමක් උගත්කමක් ඇති අයෙකු ආයතන තුලට බදවා නොගන්නා බවයි.
මුලින් අප අවධානය යොමු කලේ ස්වර්ණවාහිනි ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය වෙතය..ගුරුවරුන්ට "ගූවරු" යැයි ආමන්ත්‍රනය කලේ මෙසේය..

අද උදෑසන හිරු ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කිව්වේ කොලොන්නාව දිස්ත්‍රික්කයක් බවකි.ඔවුන් කියන විදිහට කොලොන්නාව හා කොළඹ දිස්ත්‍රීක්ක 02කි .ඔවුන්නේ වෙබ් අඩවියේ තාම ඒ ලෙස සදහන් කර තිබෙන්නේ මේ ආකරයට ය.
http://www.hirunews.lk/sinhala/61360

මීට පෙර ද ඔවුන් කිව්වේ ඇඹිලිපිටිය දිස්ත්‍රීක්කයක් බවකි.

රේනෝ නම් ඔක්කොටම කලින් අදම ප්‍රවෘත්ති අංශය සුදේව හෙට්ටිආරච්චි යන පකිස් බූරුවාගෙන් මුදවා ගත යුතුය.වරෙක ඔහු කිව්වේ මාධ්‍යවේදින්ට සිංහල උගන්වන්න එපා යනුවෙනි.සූදේවගේ වැඩකාරකම කසාදයක් කර ගන්නට පත්තරේ දැන්වීම් සති ගානක් දැමීමෙන් ම පැහදිලි වේ.

අද ලංකාදීප ක්‍රීඩා පිටුවේ දක්වා ඇත්තේ 1975 ලෝක කුසලානය කපිල් දේව් ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම දිනූ බවකි.
ඒ කොහොම වෙතත් මේ වනවිට ද මේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සිටින්නේ අද තමාගේ මොන සේවකයා සමග යහන් ගතවෙනවාද?කල්පනා කරමින් මිසක් නිවැරදි මාධ්‍යකරණයක නිරත වීමක් ගැන සිතා නම් නොවේ.

Tuesday, June 18, 2013

ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ගේ අනාගතය අදුරු වන ලකුණු

මෙරට මුදල් ගෙවා නැරඹිය යුතු රූපවාහිනි නාළිකා සම්පාදකයන්(pay tv provider) අතර පෙරමුණ රැගත් ඩයලොග් ටීවී ආයතනය මේ වන විට තම පාරිභෝගිකයන් නොසලකා හැර ලාභය ගැන පමණක් සිතා කටයුතු කරන බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුවේ.

තරගකාරී පියෝ ටීවී ආයතනය සෑම සතියකම අළුත් රූපවාහිනි නාළිකාවක් තම ප්‍රේක්ශක ජනතාවට එකතු කරද්දී ඩයලොග් ටීවී දැනට තිබෙන නාළිකාද කප්පාදු කිරීමක නිරත වේ.මෙහි අළුත් බිල්ල වී ඇත්තේ eurosport නාළිකාව  ඉවත් කර ඒ වෙනුවට ශ්‍රද්ධා ටීවී එකතු කිරීමට ගෙන ඇති තීරණය යි.නාළිකාවක් ඉවත් කර නාළිකාවක් එකතු කිරීම මගින් අලුත් දෙයක් පාරිභෝගිකයන්ට නොලැබෙන අතර කලයුතු වන්නේ දැනට තිබෙන නාළිකා අතරට තවත් නාළිකා එකතු කිරීමයි.ඉතා ඉක්මනින් මොවුන් සතු වෙළදපල ඒකාධිකාරය බිදදමා තවත් චන්ද්‍රිකා තාක්ශණ රූපවාහිනි සමාගම් එකකට හෝ දෙකකට ලාංකීය වෙළදපල විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කල යුතු වේ.

දිගින් දිගටම ඩයලොග් ටී වී ආයතනය තම පාරිභෝගිකයන් සූරා කෑමකට ලක්කරන බවක් පෙනෙන්නට ඇති අතර තම සමාගම මුදල්  ගෙවා ලබා ගන්නා නාළිකා ප්‍රේක්ශකයන්ට අහිමිකර ඒ වෙනුවට සමාගමට නොමිලේ ලැබෙන නාළිකා වැඩි පුර දීමෙන් පෙනී යන්නේ මොවුන්නේ අරමුණයි.

මේ අතර පසුගිය කාලයේ ඩයලොග් ටීවී පෙරගෙවුම් සබදතා දිගින් දිගටම විසන්ධි වීමේ තත්වයක් දක්නට ලැබුන අතර කාළගුණික විපර්යාස නිසා හානි වූ උපකරණ සදහා වගකීමක් නොමැති බව පවසා විශාල ගසා කෑමකට පාරිභෝගිකයන් ලක්කර තිබේ.මෙරට නීතීය අනුව විදුලිය සම්බන්ධ උපකරණ අලෙවියේදී අවම වසරක වත් වගකීමක් ලබාදිය යුතු වුවත් ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියට ජොකා නැතුව කොකා පෙන්වා දවසකවත් වගකීමක් නැතුව රු 9990/= වූ ඉහළ පිරිවැයක් ඇති බාල චන්ද්‍රිකා ග්‍රාහක උපකරණ අලෙවියක නිරත වේ.

Friday, June 14, 2013

රජ එෆ් එම් සොනාලී හා y එෆ් එම් තරංගා

අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ජනමාධ්‍ය ආමාත්‍යවරයා වශයෙන් කටයුතු කල සමයේ මෙයට වසර 6කට පමණ පෙර එනම් 2006 වසරේදී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක් රජය විසින් තහනම් කර දැම්මේය.ඒ EAP මාධ්‍ය ජාලයට අයත් රජ එෆ් එම් ගුවන් විදුලියයි.අද දවසේ දී රන් එෆ් එම් නමින් ක්‍රියාත්මක වන ගුවන් විදුලිය එම තහනම් කල බලපත්‍රය නැවත ලබාගෙන ආරම්භ කල ගුවන් විදුලිය ලෙස හැදින්විය හැක.


රජ එෆ් එම් තහනම් කරන ලද්දේ ලිංගික ප්‍රශ්න ගැන කතාකළා යැයි කීම නිසාය.මේ තහනමෙන් ෆුල් ජොලියක් ගියේ නෙත් එෆ් එම් එකේ නුවන් ලියනගේ මහත්තයාටය.එතුමා "පත්තර මල්ලී" වැඩසටහනෙන්  ගෑනු ළමයෙක් රේඩියෝ එකේ කුණුහරුප කිව්වා කියා ලොකු මඩක් ගසා තවත් මොනවදෝ කියන්නට චන්දිම දර්ශනාත් සූරිය ආරච්චි ද සම්බන්ධ කරගත්තේය.හැබැයි ඊට අවුරුදු ගානකට කලින් හිරු එෆ් එම් එකේ ඉරිදා රෑට "පෞද්ගලිකයි රහසිගතයි" කියලා ප්‍රොග්‍රෑම් එකක් තමුන් කල බව  ඔහුට අමතක වී තිබුනි.

රජ එෆ් එකේ සොනාලි කලේ මේ රටේ තරුණ තරුණියන්ගේ ලිංගික ප්‍රශ්න වලට උත්තර දුන්න එකය.එමෙන් ම ආදරවන්තයන්ගේ ප්‍රශ්නවලට හැමදාම රෑ 9 ඉදන් 12 වෙනකම් කාලය තුලදී උත්තර දෙන්නට  Y FM ගුවන් විදුලියේ තරංගා නානායක්කාර සුදානමින් සිටී.
මාතර සුජාතා බාලිකාවේ ආදී ශිෂ්‍යාවක් වන තරංගා මුලින් ම මාධ්‍යයට ආවේ ශ්‍රී එෆ් එම් එකේ ශ්‍රී රශ්මියෙන්..තරංගාගේ හඩ මේ වගේ පොර්න් සෙක්ස් වලට ගන්නවට වඩා සිරස ටී වී කාටුන් වල හඩකැවීමකට ගත්තානම් හොදයි කියලා තමයි අපට කියන්න තියෙන්නෙ..

Friday, June 7, 2013

වී එෆ් එම් එකත් තම වරද නිවැරදි කරගනී.


වෙබ් අඩවියට දමාගෙන තිබූ හමස් පෙට්ටි නිවුස් එක ඉවත් කීරීමට වී එෆ් එම් ගුවන් විදුලිය මේ වනවිට සමත් වී තිබෙනවා.මීට පෙර  Y FM ගුවන් විදුලිය ද අපගේ හෙළි කිරීමෙන් අනතුරුව  තම වැරද්ද නිවැරදි කරගනු ලැබුවා.

Wednesday, June 5, 2013

ජොනී ගේ වී එෆ් එම් එකේ ඇන්ටික් නිවුස්නේ අයිසේ !!


2005 ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ශත පහක් වත් වියදම් කිරීමට කිසිවෙකු සිටියේ නැත.කොටින් ම  කිවතොත් ශ්‍රී ලංකා නිදහස් පක්ශ ආසන සංවිධාකයෙක්වත් පෝස්ටරයක් ඇලවීමට  මුදලක් වියදම් කිරීමටත් අදිමදි කලේය.
එවන් මොහොතක පිහිටට ආවේ ජනතා විමුක්ති පෙරමුනේ ජපන් නිත්‍ය නියෝජිත සමන් ප්‍රියංකර ය.2005 ජනාධිපති සටනේදී මහින්ද ගේ  රැස්වීමකට ආ අයෙකුට බත් පාර්සලයක් දුන්නානම් එය දුන්නේ සමන් ගේ සල්ලි වලිනි.දශමයෙන් මහින්ද ජන්දේ දිනුවේය.සමන් ට රේඩියෝ ලයිසමක් ලැබුනි.වී එෆ් එම් කියා එයට නම දැම්මේ වී කරළ අපේ සෞභාග්‍ය සංකේතය නිසාද නැතහොත් ජේවීපී නිසාද කියා අපි තවම නොදනිමු.
ඇත්තම කිව්වොත් ඒ දවස්වල ලංකා පත්තරේ දිව්වේ ද සමන් ගේ පර්ස් එකේ පිහිටෙනි.

මෙතෙක් කලක් ලංකාවේ ගුවන් විදුලි ඇරඹුවේ මුලින් ම කොළඹ ආවරණය කර පසුව ලංකාවේ අනෙක් ප්‍රදේශ ආවරණය කරමින්ය.වී එෆ් එම් ආරම්භ කලේ ලංකාව ම කවර් කරමින් අරඹන ප්‍රථම ගුවන් විදුලිය ලෙස ඉතිහාස ගත වෙමිනි.ගුවන් විදුලිය ඇරඹීමේදී අත්වැල් බැදගෙන සිටි වසන්ත දුක්ගන්නරාල,භාෂිනි සමරසිංහ ,ක්‍රිශාන්ත දයානන්ද,හිෂාන් සුමීර වැනි ගුවන් විදුලියේ දැවන්ත චරිත ටික දවසකින් වෙන් වුනි.
එහෙන් මෙහෙන් ඇහින්දාස් ලා ටිකක් දමාගෙන ඇදගෙන ගිය රේඩියෝව අවසානයේ විකුණාදැමීමට තීරණය විය.විමල් වීරවංශ එය මිළදී ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද අවසානයේ එය ජොන්ස්ටන්  ප්‍රනාන්දුට හිමි විය.

අප මුලින් කථා කල මැක්ස් රේඩියෝව හා වී එෆ් එම් අතර එතරම් වෙනසක් නැත.දෙකේ ම හිමිකරුවන් මෙන්ම සේවකයන් ද අලස කම්මැළි තමන් සේවය කරන ආයතනය ගැන හැගීමක් දැනීමක් නැති ගොම්බෙට්ට දැම්මා වගේ එක තැන පල් වෙන කොටසකි.

http://www.vfmradio.lk/වෙබ් අඩවියේ ප්‍රවෘත්ති ඇසීමට Listen to the News නම්  කොටසක් වෙන් කර තිබේ.එහි වී morning news ක්ලික් කල අයෙකුට මාස 4ක් පැරණි නිවුස් එකක් අසන්නට ලැබේ.lunch time news හා evening news ක්ලික් කල අයෙකුට කිසිවක් නොඇසෙන්නේ එම ශබ්ද තරංග ග්‍රහනය කර ගැනීමට  අපේ කණ් නොදියුණු නිසා විය හැක

Tuesday, June 4, 2013

මැක්ස් රේඩියෝ නව වෙනසත්...... ලත් තැනම ලොප්

                                                    MGMR නෙට්වර්ක් සමාගමට අයත් මැක්ස් රේඩියෝ ගුවන් විදුලිය ගැන මුලින්ම අපට කතාකිරීමේ අවස්ථාව ලැබුනේ 2005 වසරේදී එය ආරම්භ කිරීමත් සමගය.ඉන්පසු එසේ ගුවන් විදුලියක් තිබෙන බවට අනෙකුත් ශ්‍රී ලාංකිකයන් මෙන් ම  එහි සභාපතිවරයා වූ  මහින්ද රාමනායක ද දැන සිටියා විය නොහැක.එසේ නම් මෙවන් අභාග්‍යසම්පන්න තත්වයක් මැක්ස් රේඩියෝ ට උදා නොවුන ඇත.කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් මැක්ස් රේඩියෝ ගැන පුවත් වාර්තා 2ක් පහුගිය කාලයේ අසන්නට ලැබුනි.

01.සේවකයන්ට මාස 3ක් තිස්සේ වැටුප් නොගෙවීම.(මේ ගැන අන්තර්ජාලයෙන් අප හෙළි කිරීමත් සමග ම කොටස් වශයෙන් හිග වැටුප් ලබා දී තිබුනි.)
02.වසර 3ක් තිස්සේ වෙබ් අඩවිය maxradio.lk යාවත්කාලීන නොකර පවත්වාගෙන යෑම.( මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක් නිතර අළුත් විය යුතුය.)

                                  වසර 8ක් පමණ නින්දේ පසු වූ හිමිකාරිත්වය පසුගියදා මැක්ස් රේඩියෝව නැවත වෙනස් කලේය.
ඒ "මැක්ස් ආර්" ලෙසය.
මේ නව වෙනස ගැන පුවත්පත් දැන්වීමක්වත් දැමීමට මුදලක් වියදම් කිරීමටවත් අයිතිකරුගේ අදහසක් නොවීය.
ඇසෙන්නේ කොළඹ ට පමණි.
 සවුන්ඩ්ස් කොලිටිය අද ලවුඩ්න්ස්පීකර් ගස් බැන්දා වගේය.හෙට මදුරුවකුගේ නාදය වගේ ය.ඊයේ ස්ටීරියෝ කොලිටිය ටොප් එකට තිබ්බේය.අනිවාර්යෙන් ම සතියට දවස් 2ක් offline ය.
වෙබ් අඩවියේ ඔන්ලයින් ප්ලේයරය වැඩ කලේ එකම එක දවසක පමණි.
අපගේ මෙම හෙළි කිරීම් සත්‍ය අසත්‍යතාවය ඔබට http://www.maxxrfm.lk/ වෙබ් අඩවියට ගොස්  හෝ ගුවන් විදුලියේ 95.3ට සුසර කිරීමෙන් බලා  ගත හැක.

Monday, June 3, 2013

අප හෙළි කල පුවත මහරාජාගේ ඇස ගැටේ. 92.7 bee FM නතර කරයි.

 බ්ලොග් අඩවිය ආරම්භ කරමින් අප පවසා සිටියේ  y FM ගුවන් විදුලියට අයත් මාතලේ ගම්මඩුව විකාශානාගාරයේ සිදුවෙන අක්‍රමිකතාවයක් ගැනය.අප හට දැන් ලැබෙන අළුත් ම වාර්තාවලට අනුව එම ඉස්තාලය වසා දැමීමට සිරස මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය මේ වන විට සමත් වී තිබේ.

සෑම දිනකම රාත්‍රී කාලයේ මහරාජා ඉංජිනේරු අංශයේ ආශිර්වාදය ඇතුව පවත්වාගෙන ගිය 92.7 bee FM ද්‍රවිඩ ගුවන් විදුලිය මේ වන විට නවතා දමා ඇති අතර දවසේ පැය විසිහතර පුරාවට ගම්මඩුව විකාශනාගාරයෙන් FM මෙගාහර්ට්ස් 92.7 ඔස්සේ y FM ගුවන් විදුලියට සවන් දීමේ අවස්ථාව ශ්‍රාවක ජනතාවට දැන් ලැබී ඇත.

කාලයක් තිස්සේ නැගෙනහිර පළාතෙන් නීතීවිරෝධී ගුවන් විදුලි නාළිකා විටින් විට ක්‍රීයාත්මක වන බව මේ වන විට සාමන්‍යකරනය වී ඇති නමුත් ඒවා පසුපස ප්‍රසිද්ධ නාළිකාවල සේවකයන් සිටින බව  ප්‍රසිද්ධ රහසක්.............