Tuesday, July 8, 2014

දෙරණ හා සිරස යුද්ධයක..හොද හොද සෙල්ලම් ඉස්සරහට. සිරසේ හොදම යාළුවා දැන් රනිල්..............

                                                          සිරිකොතට ගල් ගැසු දින රනිල් කීවේ එම කළුගල මහරාජා තමාට ගැසූ බවත් එය මහරාජාට ගොස් දෙන ලෙසත් පවසමින් ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී තඩි කළුගලක් සිරසෙන් පැමිණි මාධ්‍යවේදීයාට රනිල් තිළිණ කරන ලදී.ඉන්පසු සිරස එම කළුගල ලොරියක පටවාගෙන රට වටේම ගියේය.එදා සිට ඇරඹුණු රනිල්-සිරස වලිය දැන් ඉවර වී ඇත.
                             දැනට බජාර් එකේ ඉන්න නොම්බර එකේ චන්ඩියා වන ගලබොඩවත්තේ උන්නාන්සේ පත්තරයකට කියා තිබුනේ "ඔළුවක් තියෙන මිනිහෙක් සිරසත් එක්ක හැප්පෙනවද?මර්වින් සිල්වාට ඔළුවක් නැති නිසා හැප්පුණා.ඊට පස්සේ දැන් සිරස හොදයි උන වරදට සමාව ඉල්ලන බව කියමින් හඩා වැටෙනවා."යනුවෙනි.
දෙරණ පැය 24 පුරාම යන ප්‍රවෘත්ති නාළිකාවක් ඇරඹීමට දැන් සෑහෙන කාලයක සිට ලක ලෑස්ති වේ.ඒ පිළිබද ව අපෙන් විමසා සිටි පිරිස දෙරණෙන් විමසා සිටි අයට වඩා විශාල සංඛ්‍යාවකි.ඒ අයට දෙරණෙන් නොලැබුණු පිළිතුරක් දැන් අපි දෙන්නෙමු.
                         මේ වන විටත් එම නාළිකාවේ පරීක්ශණ විකාශනයක් ඩයලොග් ටීවී හරහා විකාශනය වන අතර එය ග්‍රාහකයන්ට නැරඹිය නොහැකි අතර අන්තර් මාධ්‍ය විකාශනයක් ලෙස ක්‍රියාත්මක වේ.එය ඉතා ඉක්මණින් ග්‍රාහකයන්ට නැරඹීමේ අවස්ථාව ඉදිරියේ දී උදා වේ.
                   මේ ආරංචිය දැන ගත් විගස සිරස ක්ෂණිකව කලේ තමන් ශ්‍රී ලංකාවේ ප්‍රථම 24 පැය ප්‍රවෘත්ති සම්පාදකයා බව පවසමින්  MTV ස්පොර්ට්ස් චැනලයේ දකුණු කෙළවර ඉහළින් නිවුස් ෆස්ට්ස් ලාංජනය එල්ලීමය. ඊට එහා ඒකේ ගිය නිවුස් ලයින් එකක්වත් නැත. MTV ස්පෝර්ට්ස් බල්ලෙක් වත් බලන්නේ ද?නැත.
                                        හැමදාම හැන්දෑවේ 6.30ට සිරස පුවත් සිරස්තල බැලුවානම් උන්දැලාගේ නිවුස් ෆස්ට් කොහොමද?කියා දැක ගත හැක.පෙන්ටියම් ෆෝ වර්ගයේ කසිකබල් කොම්පියුටර් හතක් අටක් පෙන්වනවා ඇරෙන්න කිසි දවසක කිසි එකෙකුට ගොත ගැසීමක් නැතුව හෙඩ්ලයින් එකක්වත් කියා ගත නොහැක.
 එම් ජී ධනුශ්ක දෙරණ ඩ්‍රීම් ස්ටාර් වන බව කල් ඇතුව දැන සිටි සිරස ගිය 5 වැනිදා ඇඹිලිපිටියේ ජනතාව ඩ්‍රීම්ස්ටාර් වෙත ඇති අවධානය අඩු කිරීමට මහවැලි ක්‍රීඩාංගනයේ ෆ්ලෑශ්බෑක් සමගින් දැවන්ත සංගීත ප්‍රසංගයකට සුදානම් වූ නමුත් ක්‍රීඩාංගනය ලබා ගැනීමේ මතු වූ ගැටලුවක් නිසා එය මග හැරී ගියේය.
කොහොම වුණත් මේ නාළිකා දෙකම මේ වන විට මාධ්‍ය වගකීම හරිහැටි ඉටුකරනවා යැයි අපි කිසි විටක නොකියන්නෙමු.

No comments:

Post a Comment