Monday, January 27, 2014

රුපියල් 50000 කට ධම්මික විකුණූ සෝමා එදිරිසිංහගේ කන්‍යාභාවය




                                              දිනය- 2014 ජනවාරි මස 08 වැනි බදාදා
                                              වේලාව- රාත්‍රී 8.45ට පමණ
                                              ස්ථානය-මොණරාගල ප්‍රදේශයේ නිවසක්


                                          අදාල නිවසට ධම්මික යටිකිද ප්‍රමුඛ ස්වර්ණවාහිනි අලෙවි අංශය ගොස් පරික්ශා කර බැලුවේ එම නිවැසියන් ස්වර්ණවාහිනි නරඹනවාද?යන්නයි.එය ඔවුන් කියනා පරිදි ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ ලොකුම තෑගි දීම විය හැකිය.ඒ ස්වර්ණ තුන් පැය යි.
ඔව්.ඔවුන් අම්මාවරුනේ ටෙලි නාට්‍යය නරඹමින් සිටියේය.
         සියල්ල සම්පූර්ණය.අදාල නිවසේ සිටි තරුණියකට ධම්මික යටිකිද කියා සිටියේ
"ඔයාලා තමයි අද දවසේ වාසනාවන්තයෝ.අපි එනකොට ස්වර්ණවාහිනි බල බල හිටියට බයික් එකක් තෑගි දෙනවා".කියාය.
 ඒ සමගම ඩේවිඩ් පීරිස් සමාගමෙන් පැමිණි පිරිසක් ලොරි රථයකින් ඩිස්කවර් 125 යතුරු පැදියක් බිමට බෑ අතර ධම්මික යටිකිද කැමරා මයික්‍රොපෝන සියල්ල සුදානම් කර එම අවස්ථාව පටිගත කිරීමට සුදානම් වී තිබේ. ඊළග නිමේශයේ සියල්ල වෙනස් වූයේ ධම්මික යටිකිදගේ කණට මේ අවස්ථාවට සහභාගි වූ ස්වර්ණවාහිනි මොණරාගල ප්‍රාදේශිය වාර්තාකරුවා කොදුරා යමක් කීමත් සමගය.
"මචන්! මේ ගෙදර අයට මේක දුන්නා කියලා අපිට මොකුත් වාසියක් නෑ.මගේ යාලුවෙක් ඉන්නවා මේ ළග.මිනිහට සෙට් කරමු මේක.රුපියල් 50000ක් විතර කඩාගන්න පුලුවන්."
ධම්මිකගේ වෙනස් වීම අදාල නිවැසියන්ට තබා ඊට මිනිත්තු විස්සකට විතර කලින් එකට පොල් රොටී කාලා ප්ලේන්ටී බීපු බජාජ් සේවකයන්ට වත් සිතා ගන්නට බැරි වී තිබේ.
"නෑ..අපි උඩ පැත්තට ගිහින් එමු".ධම්මික යටිකිද කියූ විට ඩේවිඩ් පීරිස් සමාගමේ පුද්ගලයන් පවසා ඇත්තේ
"ඇයි?රෙකෝඩ් එක ගන් නැත්තේ.රෙකෝඩින් එක අරං යමු.ආය එන්නේ මොකටද?"
කීයාය.කෙසේ හෝ සෙසු පිරිස කැදවාගෙන යතුරු පැදියද නැවත ලොරියට පටවාගෙන ඉදිරියට යෑම වෙනුවට ආ මගට වාහන පෙළ හරවාගෙන යෑමට ධම්මික යටිකිද සමත් වී තිබේ.
ඉන්පසු මොණරාගල වාර්ථකාරුගේ බ්‍රෝකර් ක්‍රමයට බයිසිකලය දී  ඇති අතර  බජාජ් සේවකයන්ට බියර් ටින් එකක් වත් ලැබී නැති අතර ඔවුන් විසින් මෙය ප්‍රදේශය පුරා හෙළිදරව් කර තිබේ.
අදාල නිවැසියන් මේ පිළිබදව ස්වර්ණවාහිනි යට පැමිණිලි කිරීමත් ස්වර්ණවාහිනියේ ම කණ්ඩායමක් මේ සිද්ධිය අන්තර්ජාලයට හා පුවත්පත් දෙකකට වාර්තා කිරීමත් සමග තත්වය තවත් දරුණු වී තිබේ.
ධම්මික යටිකිද පසුගිය සතියේ සිට ස්වර්ණතුන්පැය ප්‍රවර්ධන වැඩසටහෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති අතර ඒ වෙනුවට මුදිත පත් කර තිබේ.

No comments:

Post a Comment