Tuesday, February 4, 2014

බ්‍රැන්ඩික්ස් එෆ්.එම් ගුවන් විදුලියට තරංග මාලා ලැබේවිද?

                                                                     
                                                                   මෙරට ප්‍රධාන පෙළේ ඇගලුම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් ලංකා සමාගම විසින් සිය කාර්ය මණ්ඩලයේ රසිකත්වයට ගැලපෙන පරිදි අරඹා ඇති බ්‍රැන්ඩික්ස් එෆ් එම් ගුවන් විදුලිය නොබෝ දිනකින් ලංකාවම ආවරණය කිරීමට සුදානම් වන බවක් අප හට වාර්තාවේ.
වේග රිද්ම ගීත පමණක් වාදනය කරන බ්‍රැන්ඩික්ස් fm ගුවන් විදුලිය දැනට අන්තර්ජාලය ඔස්සේ සජීවිව විකාශනය වන අතර මෙරට බොහෝ ඇගලුම් කර්මාන්ත ශාලා තුල වේගයෙන් ජනප්‍රිය වන බවක් පෙනේ.මෙය බොහෝ විට fm මෙගාහර්ට්ස් 105.2 න් හෝ 105.4 ඔස්සේ විකාශනය වීමට නියමිත ඉඩකඩ වැඩිය.
මෙරට වේග රිද්ම ගීත ප්‍රචාරය වන ෂා fm හා රිදම් fm ගුවන් විදුලි  නාළිකා දෙකට ඉදිරියේදී බ්‍රැන්ඩික්ස් fm ගුවන් විදුලිය ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇත.

බ්‍රැන්ඩික්ස් fm ගුවන් විදුලිය සජීවිව මෙතනින් අහන්න

No comments:

Post a Comment