Monday, September 30, 2013

රිනින්ග් ටෝන් ජාවාරම හා අපේ නිහඩකම

අපගේ බ්ලොග් අඩවියේ සිදුකරන හෙළිකීරීම් තදින් ම වැදුනු කීපදෙනෙක් පහුගිය කාල වකවානුව තුලදී දිගින් දිගටම සිදු කරන ලද තර්ජන හා ගර්ජන හේතුවෙන් බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම තාවකාලිකව නතර කිරීමට සිදු වූ බව මුලින් ම දන්වා සිටින්නේ, අප සමග රැදී සිටින ආදරණීය පාඨක පිරිසට සිදු  වූ ප්‍රමාද දෝෂයට සමාව ඉල්ලා සිටින ගමන්ය.

                    ජංගම දුරකතන භාවිතය 2006 වසරේ සිට මෙරට ඉතා වේගවත් ලෙස වර්ධනයක් ලබා ගත්තේ ජනතාවගේ සෙසු අවශ්‍යතාවද පසෙක දමාය.දුරකතන ඇමතුම් ලබා  ගැනීම හා කෙටි පණිවුඩ හුවමාරුව යන සේවාවන් දෙකට අමතරව මෙරට දුරකතන භාවිතා කරන්නන් අතර ජනප්‍රිය සේවාවක් වූයේ ඇමතුමක් ලබා ගැනීමේදී අනෙක් පසෙන් අමතන්නාට ඇසෙන සාමාන්‍ය බීප් හඩ වෙනුවට ගීත ඛාණ්ඩයක් ඇසීමට සලස්වා මාසිකව කිසියම් මුදලක් (සාමන්‍යයෙන් රු30ක් පමණ) පාරිභෝගිකයාගෙන් අය කිරීමයි.
                      මුළු ලෝකයෙන් ම රිනින්ග් ටෝන්ස් සේවාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණි.ලොව කිසිදු රටක් මෙම සේවාව භාවිතා නොකරන්නේ පහත හේතු පදනම් කරගෙනය.
01.අමතන්නා අකැමති ගීතයක් වුවද අසා සිටීමට සිදු වන නිසා
02.අනෙක් පසින් දුරකතන ඇමතුම ගත් පුද්ගලයා ශෝකී පණිවුඩයක් රැගෙන කතා කරන්නේ නම් (උදා- මළ ගෙදරක්,රෝගී තත්වයක්,හදිසි අනතුරක් වැනි) එවැන් අවස්ථාවකට ඔහු ගීත ඇසීමේ මානසිකත්වයක නොමැති නිසා
03.වාදනය වන ගීතයේ අර්ථය ස්වාභාවය මත පදනම්ව එම පුද්ගලයාගේ අධ්‍යාපන දැනුම,සමාජ තත්වය වැනි දෑ විවරණය වීම,
                                                                           නමුත් මෙරට තත්වය වෙනස්ය.ලංකාවේ කීප දෙනෙකු මෙය කළු සල්ලි හොයන උල්පතක් කරගෙන සිටිනා බවට දැන් සමාජ කතිකාවතක් ඇති වී ඇති මොහොතක අප සොයා ගියා රිනින්ග් ටෝන් පිළිබදව ගවේෂණාත්මක ගමනක්.
කිසියම් පුද්ගලයෙකු රිනින්ග් ටෝන් එකක් දැමූ මුල් මාසයේ එම මුදල බෙදී යන්නේ පහත පරිදිය.
දුරකතන සමාගමට                                                                     රු 21
රිනින්ග් ටෝන් සමාගමට                                                           රු 4.50
ගායකයාට,පද රචකායට,සංගීත නිර්මාණ ශිල්පියාට 1.50 බැගින් රු 4.50
                                                                                                  රු 30    
පාරිභෝගිකයා විසින් එම ගීතය ඉන් අනතුරුව තබා ගන්නා දෙවන මාසයේ සිට මුදල බෙදී යන්නේ පහත පරිදිය.
දුරකතන සමාගමට                                                                        රු 27
රිනින්ග් ටෝන් සමාගමට                                                              රු 1.50
ගායකයාට,පද රචකායට,සංගීත නිර්මාණ ශිල්පියාට ශත 50 බැගින් රු 1.50
                                                                                                     රු 30 

                                           දැන් අප සොයා යන්නේ රිනින්ග් ටෝන් සමාගමක් යනු නීත්‍යානූකූල ආයතනයක්ද?යන්න යන කාරණය පිළිබදය.
නැත.
                                     බුද්ධිමය දේපල පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන මෙම ආයතන පසුපස ඉන්නේ සිංහලත් නොවන හින්දිත් නොවන ගීත හතරක් පහක් ගායන කළ සුපිරි ගායකයන් කියා ගන්නා දෙතුන් දෙනෙක් හා ලංකාවේ තිබෙන මාධ්‍ය ආයතන හැම එකකම පාහේ දවසක් හෝ වැඩ කර පණ්ඩිතකම නිසා ඒවායෙන් පන්නා දැමූ ගැහැණුත් නොවන පිරිමිත් නොවන චරිත දෙක තුනකි.
සමහර ගීත අතරමැද ,
"මෙම ගීතය ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබේ ජංගම දුරකතන ජාලය අමතන්න"
"අහවල් වෙබ් සයිට් එකට ලොග් වෙන්න"
කියන්නේ මෙම නපුංසකයන් ගේ කණ්ඩායම් වල සාමාජිකයන් ය.
අහිංසක කලාකරුවන්ගේ නිර්මාණ ගසා කෑවා හොදටම ඇතිය.දැන්වත් මෙය නතර කල යුතුය.


No comments:

Post a Comment