Monday, February 24, 2014

නීති විරෝධී ව කටයුතු කරන ඩයලොග් ටීවී වහා තහනම් කරනු !!!!!!!!!!!!


                                                              මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණ අනුව ක්‍රිකට් තරග විකාශනය කිරීමට අවසර ඇත්තේ එක් රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනකයකට පමණි.එම අයිතිය ඩෙන්ඩර් කැදවීමක් මගින් ලබාදෙන අතර විශාල මුදලක් ගෙවා එම මාධ්‍ය ආයතනය සජිවී ක්‍රිකට් විකාශන අයිතිය ලබා ගනී.සජීවී විකාශය තුල වෙළද දැන්වීම් ප්‍රචාරයෙන් අදාල වියදම් ආවරණය කර ගැනීමට මාධ්‍ය ආයතනය පෙළඹේ.
නමුත් නීතීමය රාමුව එසේ තිබියදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඩෙන්ඩර් කැදවීමට ඉල්ලුම් පත්‍රයක් වත් නොදැමූ ඩයලොග් ටීවී ආයතනය මෙරට ක්‍රිකට් තරග විකාශනය සිය ග්‍රහනයට සතු කරගෙන තිබේ.
ඩයලොග් ටීවී ඔස්සේ ක්‍රිකට් තරග විකාශනය කිරීමේදී මෙරට නාළිකාව බ්ලොක් කිරීමකට ලක් කරන අතර ඉන්දීය නාළිකාවක් ඔස්සේ අමතර ගෙවීමකින් ක්‍රිකට් තරගය නැරඹිය යුතුය.එය ඔවුන්ගේ ගිවිසුම් ගත නීතියක් නම් අපි එයට එකඟ වන්නෙමු.
එහෙත් වර්තමානයේදී එම ඉන්දීය රූපාවාහිනී නාළිකා සමඟ රහස් ගිවිසුමකට ගොස් ඇති ඩයලොග් ආයතනය ඔවුන්ගෙන් සෘජුවම සජීවි තරග විකාශනය ලබාගෙන මෙරට වෙළද දැන්වීම් ප්‍රචාරය කරන්නට කටයුතු කරමින් සිටී.අදාල ඉන්දීය රූපවාහීනී නාළිකා මෙහිදී ඔවුන්ගේ නම හෝ ලාංඥනය ප්‍රදර්ශනයට කිසිසේත් ඩයලොග් ආයතනයට අවසර ලබා නොදෙන්නේ මෙහි තිබෙන්නා වූ නීතීමය රාමුවේ බරපතලකම ඔවුන් දන්නා හේතුවෙනී.
 ඩයලොග් ටීවී යනු මෙරට මුදල් ගෙවා නැරඹිය යුතු රූපවාහීනී  නාළිකා සම්පාදකයෙක් (pay tv provider) මිස දේශිය රූපවාහිනි නාළිකාවක් තබා චන්ද්‍රිකා රූපවාහිනී නාළිකාවක් වත් පවත්වාගෙන යෑමට විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍රයක් නැති ආයතනයක් වේ.
ලාංකීය නීතියේ ඇති දුර්වල තැන් වලින් රිංගා ගොස් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ දූෂිත නිළධාරින්ගේ සහාය ද ඇතිව මොහුන් විසින් සිදු කරන්නේ බරපතල ලෙස මෙරට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නීතිය උල්ලංඝනය කීරීමකි.
පාඩු ලබනවා යැයි කියමින් මෙරට අහිංසක ජනයාගේ බදුබර මතින් යැපෙන ක්‍රිකට් ආයතනය මේ දෙස අවධානය යොමු කල යුතුය.මේ තුලින් ක්‍රිකට් ආයතනයට සිදු වන අලාභය රුපියල් බිලියන ගාණකි.පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගන්නවාසේම වෙළද දැන්වීම ප්‍රචාරයෙන් විශාල මුදලක් උපයන ඩයලොග් ආයතනයට ඒ වෙනුවෙන් ශත 5ක වත් වියදමක් නැත.
මෙයට ඉතා ඉක්මනින් ක්‍රිකට් ආයතනය මැදිහත් විය යුතු අතර අවශ්‍ය නම් ඩෙන්ඩර් මුදල් ලබා ගෙන ඩයලොග් ආයතනයට විකාශනය අයිතිය පැවරිය යුතුය.

2 comments:

  1. ඇඩ්මින්, කරුණාකර සයිට් එක අප්ඩේට් කරන්න. අළුත් පෝස්ට් නැතුව ඔයාගේ වෙබ්සයිට් එක වේලෙනවා.

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියී.දේශප්‍රිය ඔයාලගේ කොමෙන්ට්ස් තුලින් තමයි අපි ඉදිරියට යන්නේ.

    ReplyDelete