Tuesday, June 4, 2013

මැක්ස් රේඩියෝ නව වෙනසත්...... ලත් තැනම ලොප්

                                                    MGMR නෙට්වර්ක් සමාගමට අයත් මැක්ස් රේඩියෝ ගුවන් විදුලිය ගැන මුලින්ම අපට කතාකිරීමේ අවස්ථාව ලැබුනේ 2005 වසරේදී එය ආරම්භ කිරීමත් සමගය.ඉන්පසු එසේ ගුවන් විදුලියක් තිබෙන බවට අනෙකුත් ශ්‍රී ලාංකිකයන් මෙන් ම  එහි සභාපතිවරයා වූ  මහින්ද රාමනායක ද දැන සිටියා විය නොහැක.එසේ නම් මෙවන් අභාග්‍යසම්පන්න තත්වයක් මැක්ස් රේඩියෝ ට උදා නොවුන ඇත.කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් මැක්ස් රේඩියෝ ගැන පුවත් වාර්තා 2ක් පහුගිය කාලයේ අසන්නට ලැබුනි.

01.සේවකයන්ට මාස 3ක් තිස්සේ වැටුප් නොගෙවීම.(මේ ගැන අන්තර්ජාලයෙන් අප හෙළි කිරීමත් සමග ම කොටස් වශයෙන් හිග වැටුප් ලබා දී තිබුනි.)
02.වසර 3ක් තිස්සේ වෙබ් අඩවිය maxradio.lk යාවත්කාලීන නොකර පවත්වාගෙන යෑම.( මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක් නිතර අළුත් විය යුතුය.)

                                  වසර 8ක් පමණ නින්දේ පසු වූ හිමිකාරිත්වය පසුගියදා මැක්ස් රේඩියෝව නැවත වෙනස් කලේය.
ඒ "මැක්ස් ආර්" ලෙසය.
මේ නව වෙනස ගැන පුවත්පත් දැන්වීමක්වත් දැමීමට මුදලක් වියදම් කිරීමටවත් අයිතිකරුගේ අදහසක් නොවීය.
ඇසෙන්නේ කොළඹ ට පමණි.
 සවුන්ඩ්ස් කොලිටිය අද ලවුඩ්න්ස්පීකර් ගස් බැන්දා වගේය.හෙට මදුරුවකුගේ නාදය වගේ ය.ඊයේ ස්ටීරියෝ කොලිටිය ටොප් එකට තිබ්බේය.අනිවාර්යෙන් ම සතියට දවස් 2ක් offline ය.
වෙබ් අඩවියේ ඔන්ලයින් ප්ලේයරය වැඩ කලේ එකම එක දවසක පමණි.
අපගේ මෙම හෙළි කිරීම් සත්‍ය අසත්‍යතාවය ඔබට http://www.maxxrfm.lk/ වෙබ් අඩවියට ගොස්  හෝ ගුවන් විදුලියේ 95.3ට සුසර කිරීමෙන් බලා  ගත හැක.

1 comment:

  1. තනි ඇහැට එකෙන්ම ඇඩෙනවා මේ චැනල් එක ගැන කතා කරද්දී. කවමදාකවත් හරියට පවත්වාගෙන නොගිය ආයතනයක්, බැරිනම් විකුණලා දාන්ඩ ඕනේ, මොකද අපරාදේ ලයිසන් එක

    ReplyDelete